ඕස්ට්‍රේලියාව Student Visa නීති දැඩි කරයි

අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕසට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

සිය උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් හට ඔවුන්ගේ මූලික අධ්‍යයන කටයුතුවලට අමතරව සමගාමී අධ්‍යයන පාඨමාලා ලෙසින් වෙනත් ලාභදායී කෙටි පාඨමාලා (concurrent study) හැදෑරීමේ අවස්ථාව මෙතෙක් හිමිව තිබුණි. අදාළ කෙටි පාඨමාලා විදෙස් සිසුන් එරට රැකියා වෙළෙඳපොළ වෙත සූදානම් කෙරෙන අයුරින් සකසා තිබෙන ඒවා වේ.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ, මෙලෙස පැමිණෙන බොහෝ විදෙස් සිසුන් මෙම නීතිය අවභාවිත කරමින් තම මූලික විශ්වවිද්‍යාල පාඨමාලා අත්හැර දමා ඉහත කී ආකාරයේ ලාභදායී පාඨමාලා වෙත ස්ථිර වශයෙන් මාරුවන ප්‍රවණතාවයක් මෑත කාලීන විමර්ශනවලින් හඳුනාගෙන ඇති බවයි.

2019 සහ 2022 අතර කාලපරිච්ඡේදයන් හි මුල් භාගයන් තුළ මෙලෙස පෙර කී ලාභදායී කෙටි පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇති සිසුන් සංඛ්‍යාව 10,500 ක් වන අතර එය 2023 මුල් භාගයේ දී 17,000 ක් දක්වා තියුණු ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එරට අධ්‍යාපන අමාත්‍ය Jason Clare පවසන්නේ, අදාළ නීති හිඩැස පූරණය මගින් සිසුන්, සිය පළමු අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙතින් අනිවාර්යය මාස 06ක සේවාවක් ලබා ගැනීමට පෙර දෙවන ලාභදායී අධ්‍යාපන ප්‍රතිපාදකයා වෙත යොමු වීම වළක්වනු ලබන බවයි.

ජාත්‍යන්තර අධ්‍යාපනය ඔස්ට්‍රේලියාවේ විදේශ විනිමය ඉපැයීම අතින් සිව්වන විශාලතම අපනයන කර්මාන්තය වන අතර එම අංශයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම රටේ ආර්ථිකයට ඉතා වැදගත් බව Jason Clare වැඩිදුරටත් සඳහන් කරයි.

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සිසුන් විසින් පෙන්විය යුතු ඉතුරුම් ප්‍රමාණය ද ඕස්ට්‍රේලියා රජය විසින් වැඩි කරනු ඇත. ඒ අනුව 2023 ඔක්තෝබර් 11 වෙනිදා සිට එරට ඉහල ජීවන වියදම් සැලකිල්ලට ගනිමින් වර්තමාන මට්ටම මත 17% කින් එම ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ඩොලර් 24,505 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 15,693 ක් දක්වා ඉහළ දමා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

– Ada derana

Latest News

More like this

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...

ඉන්දුනීසියවේ ගරූඩා ගුවන් සමාගමට අයත් යානයක කාර්ය මණ්ඩලයේම සේවය අත්හිටුවයි

මගියෙකුගේ නැතිවූ ජංගම දුරකතනයක් ගුවන් සේවා කාර්ය මණ්ඩලය රැඳී...

ශානි යළි CID ලොකු පුටුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි...
error: Content is protected !!