හරිනිට එරෙහිව දමිතාවයි හිරුණකාවයි උස්සන රහස් මෙහෙයුමක්

ජාතික ජන බලවේගයේ නැගී එන කාන්තා දේශපාලන චරිත කිහිපයකට එරෙහිව දමිතා අබේරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉස්මතු කිරීමට සමගි ජන බලවේගයේ ප්‍රචාරක බලකායේ මාධ්‍ය ආයතන කිහිපයක් විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ නැගී එන කාන්තා ප්‍රතිරූපය වන හරිනි අමරසූරියට පහර එල්ල කිරීමත් දමිතා සහ හිරුණිකා ඉස්මතු කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.

ඒ අනුව එම මාධ්‍ය ආයතන මේ වන විට දමිතාට අත් වී ඇති ඉරණම ඇය අරගලය වෙනුවෙන් පෙනී සිටීම නිසා සිදුවූවක් බවට තර්කයක් ගොඩ ගනිමින් සිටියි.

අප කවුරුත් දන්නා පරිදි දමිතා සහ ඇගේ සැමියා මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටින්නේ අරගලයක් හා සම්බන්ධ සිදු වීමකට නොව කොරියානු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයෙකුන් රු ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.

නමුත් එම ප්‍රධාන සිදුවීම මඟහැර දමිතා අරගලයේ වීරවරියක් ලෙස ඉස්මතු කිරීමට අසාර්ථක උත්සහයක යෙදෙන සජබ හිතවාදී මාධ්‍ය කණ්ඩායම් ඇයට එල්ල වී ඇති මූල්‍ය වංචා චෝදනාව වසන් කරමින් ඇය අරගලයේ චරිතයක් ලෙස නම් කරමින් හා හිරුණිකා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීමේ සටනට මුල් වූ බව පවසමින් ආචාර්ය හරිනි අරගලයේ භූමිකාවක් ඉටු නොකළ බව පවසමින් ඇය හෙළා දකින වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!