අගරදගුරු පක්ෂවලට කඩේ යන බව කී රංගෙ බණ්ඩාරට පල්ලියෙන් උත්තරයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP) හෝ සමගි ජන බලවේගයේ (SJB) යෝජනා කතෝලික සභාව පිළිගෙන නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසයි.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය පසුගිය දා අගරදගරුවරයා වෙත පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිය වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්වත් කරන ලේඛන භාර දීමක් සිදු කළා.

“අපි SJB සහ NPP යෝජනා පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙර අධ්‍යයනය කළ යුතුයි. NPP සහ SJB ඔවුන්ගේ යෝජනා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට භාර දුන් බව ඇත්ත, නමුත් එයින් අදහස් කරන්නේ නෑ පල්ලිය එය පිළි ගත්තා කියලා”

පියතුමන් මේ බව කියා සිටියේ කාදිනල් හිමිපාණන් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නේ දැයි ජනතාව තුළ සැකයක් මතුව ඇති බව පැවසූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ චෝදනාවලට පිළිතුරු ලබාදෙමින්.

“රංගේ බණ්ඩාර මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙක්. 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාරයෙන් පසු මාස ​​ගණනාවක් මේ රට පාලනය කළේ මේ රජයයි. ඒ නිසා ඒ ආණ්ඩුවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ තරම් කාලය තිබුණා” යැයි එතුමන් මෙහි දී පැවසුවා.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ ද තම යෝජනා භාර දීමට කැමැත්තෙන් සිටින බව ද උන්වහන්සේ මෙහි දී සඳහන් කළා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!