රජයේ ඉතාම වැදගත් දෙපාර්තමේන්තුරාශියක ප්‍රධානීන් වැඩ බලන පදනමින් කටයුතු කරන බව වාර්තා වේ. ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුව, පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදිය ඇතුලත් වේ.
ඒ අතරතුර අමාත්‍ය මණ්ඩලයටත් ඉහළින් යන අතිරේක ලේකම්වරියන් ද සිටින බව වාර්තාවේ.
ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන නිලූෂා බාලසූරිය ආගමන විගමන වැඩ බලන පාලක ජනරාල් ලෙසද කටයුතු කරයි.
ප්‍රධාන තනතුරු දෙකක්ම හොබවන නිසා ඇයට පරිපාලන මූලධර්මද අමතක වී ඇති බවක් පෙනෙන බව ඇයගේ ක්‍රියා කලාප වලින් පෙනී යයි.
රාජ්‍ය නොවන සංවිධානය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දැරූ සංජීව විමල ගුණරත්න මහතා වසර දෙකහමාරක සේවා කාලයෙන් අනතුරුව තනතුරෙන් ඉල්ලා අස්වන බව අමාත්‍යංශ ලේකම් මගින් අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත පෙබරවාරි මස 17 වන දා ලිපියක් මගින් තමන් මාර්තු මස 18 වන දා සිට තනතුරෙන් ඉල්ලා අස්වන බව කල් තියා දැනුම් දී ඇත.
අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම පැවරී තිබූ ඉහත සඳහන් කළ අතිරේක ලේකම්වරිය අද වන විටත් ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකර නොතිබිණි.
ඉල්ලා අස්වුනු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, කාර්‍යාලයෙන් නික්ම යාමට සතියකට පෙර, තමන් මාර්තු 18 වනදායින් පසු කාර්යාලයේ නොමැති හෙයින් අදාල කටයුතු හා රාජකාරී පැවරීම සිදුකළ යුත්තේ කෙසේද යන්නන පිළිබඳව ඉහත අතිරේක ලේකම්වරියගෙන් විමසා ඇත. ඉන්පසු තමන්ට නොමැති බලයක් ආරෝපණය කර ගනිමින්, රාජකාරිය ආවරණය කිරීම සඳහා ලේකම් වෙනුවට අත්සන තබමින්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වර්තමාන අධ්‍යක්ෂ තුමිය පත් කිරීමට කටයුතු කර ඇත. ඇය එම තනතුරේ වැඩබැලීමට සුදුසු නිලධාරිනියක් බව ආමාත්‍යාංශ ආරංචී මාර්ග වලින් සනාත වුවද එම පත්කිරිම බරපතළ පරිපාලන වරදක් වේ.
සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානින් පත් කළ හැක්කේ කැබිනට් මණ්ඩලයට පමණක් බව පරිපාලන මූලධර්මයකි.
එහෙත් එවැනි ප්‍රාථමික මූලධර්මයක් වත් නොදන්නා මැය විසින් අමාත්‍ය මණ්ඩලයේ සතු බලය තමන් වෙත ආරෝපණය කර කටයුතු කර ඇත. මේ පිළිබඳව කැබිනට් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාගේ අවධානය යොමු විය යුතු බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ අදහස වේ.
මේ පිළිබඳව සොයා ඇයගේ ක්‍රියා කලාප පිළිබඳ තොරතුරු රාශියක්ම හෙළිදරව් කරන ලෙස අප වෙත දන්වා ඇත.
ආගමන විගමන වැඩ බලන පාලක ජනරාල්වරිය ලෙස තමන් යටතේ සේවය කරනු ලබන අතිරේක පාලක ජනරාල්වරයා අනීතිකව මාරු කිරීමට ගොස්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් එම මාරුවීම ආපසු හරවා එවා තිබිණි.
එලෙසම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා නොමඟ යවමින් පාස්පෝට් නිකුත් කිරීම සඳහා කිසිදු ඇගයීමකින් තොරව පැය විසි හතරේ සේවය සදහා කාර්‍යාලය විවෘත කිරීම හේතුවෙන් සුහුරුපාය පරිශ්‍රය තුළ ඇති අනෙකුත් ආයතන දැඩි අපහසුතාවයකට පත්කොට ඇත.
සාමාන්‍ය දිනයකදී වෙනදා නිකුත් කළ පාස්පෝට් ප්‍රමාණයටත් අඩු ප්‍රමාණයක් පැය විසි හතරේ සේවාව සදහා විවෘත කර ලබාදෙන බව නිලධාරීන් පැවසීය.
තවද අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට හිමි වාහන සහ ඉන්ධන දීමනාව ලබා ගන්නා ඇය, ආගමන විගමන පාලක ජනරාල් වරිය ලෙස ආගමන විගමන පාලක ජනරාල්ට හිමි නිල රථය රාජකාරි හා පෞද්ගලික කටයුතු සඳහාද භාවිතා කරන බව වාර්තා වෙයි.
ඒ අනුව විනිවිද භාවයෙන් සහ වග වීමෙන් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා වර්තමාන රජය ලබා දුන් පොරොන්දු, අමාත්‍යවරුන්ගේ තුරුලේ නැලවෙන මෙවැනි නිලධාරිනියන්ගේ ක්‍රියා කලාප නිසා බිඳවැටෙන බව අපගේ විශ්වාසයයි.
අමාත්‍යංශවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජනතාව විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලය මගින් පත් කරනවා යැයි කී කමිටුවල සාමාජිකයන්ට මෙවැනි කාරණා නොපෙනීම පුදුමයට කරුණකි.