මරණයේ කුටියක සිරගත කර සිටින ඉම්රාන් ඛාන් බේරා ගැනීමට පුතුන් දෙදෙනා ඉදිරියට එයි..

මේ පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පුතුන් දෙදෙනා වන කාසිම් සහ සුලෙයිමාන් ඛාන්ය.

ඔවුන් පසුගිය දා සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණියේ දේශපාලන හිර අඩස්සියේ සිටින සිය පියා පිළිබඳ පළමුවරට විවෘත සාකච්ඡාවක් ලබා දෙමිනි.

ඔවුන් එදිදී සිය පියා නිදහස් කර ගැනීමට ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනයෙන් සහාය ඉල්ලා සිටියා. සමාජ මාධ්‍ය පෞරුෂයක් වන මාරියෝ නව්ෆාල් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔවුන්, පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ ප්‍රධානියා නිදහස් කර ගැනීම සඳහා ලෝකයේ බලගතු පුද්ගලයින්ගේ සහාය අවශ්‍ය බව පෙන්වා දුන්නා.

“ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කිරීමට හෝ ඔහුට උදව් කිරීමට හැකි ක්‍රමයක් සොයා ගැනීමට අපි කැමතියි. මන්ද අවසානයේදී අපි උත්සාහ කරන්නේ අපේ පියා නිදහස් කර ඔහුගේ මූලික මානව හිමිකම් සහතික කිරීමටයි”

“ඔහු මරණ කුටියක ඉන්නවා. ආලෝකයක් නැහැ. නීතිඥයෙක් නැහැ. වෛද්‍යවරයෙක් නැහැ. ඒ ගැන ටිකක් සොයා බලන ඕනෑම කෙනෙකුට පෙනෙනවා, ඛාන්ට එරෙහි නඩු දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ ඒවා බව” සුලෙයිමාන් එහිදී සඳහන් කරනවා.

ඔවුන් එහිදී වැඩිදුරටත් මෙසේ විවෘතව කතා කිරීමට තාත්තාගේ අවසරය ලබා ගත් බව ද සඳහන් කළා. ඉම්රාන් ඛාන් සහ ජෙමීමා ගෝල්ඩ්ස්මිත් යුවළට දාව උපන් සුලෙයිමාන් සහ කාසිම් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටින අතර බොහෝ දුරට ජීවත් වන්නේ ලන්ඩනයේය.

කාසිම් ඛාන්ගේ වයස අවුරුදු 26 ක් වන අතර සුලෙයිමාන් ඛාන්ගේ වයස අවුරුදු 28 කි.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...