එක මනුස්සයෙක්ට අවශ්‍ය ලුණු ග්‍රෑම් හතයි.. ඒක දීගන්න බැරිරටක් නෙවෙයි මේක

මෙය රටට අවශ්‍ය ලුණු සපයා ගත නොහැකි රටක් නොවන බව සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

මෙරටට ලුණු දෛනික අවශ්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්සියයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එක් අයෙකු දිනකට පරිභෝජනය කරන උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් හතකි. එම අවශ්‍ය ලුණු මෙට්‍රික් ටොන් පන්සීය සපයා ගත නොහැකි රටක් නොවන බව ඔහු පෙන්වා දෙනවා.

රට තුළ ඇතිවී ඇති ලුණු හිඟයට ප්‍රධානම හේතුව වන්නේ පසුගිය කාලසීමාවේ දිගින් දිගටම වැසි ඇද හැලුණු නිසා ලුණු නිෂ්පාදනය බිඳ වැටීමයි.

එම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජය ලුණු ආනයනය කිරීමට තීරණය කර ඇති බව පැවසූ අමාත්‍යවරයා රට තුළ අවශ්‍ය තරම් නිෂ්පාදන සිදුවනතුරු ආනයනය කර වෙළඳපළට නිකුත් කිරීමට අවසර දී ඇති බව කියා සිටියා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!