ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කිරීමට මෙන්ම අපනයනය කරන රටවල් විවිධාංගීකරණය කිරීමට සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයන ක්ෂේත්‍රයට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳ පැහැදිලි කරමිනි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ අපගේ නිෂ්පාදන තරග කරනු ලබන අනෙකුත් රටවල් වන වියට්නාමය, බංග්ලාදේශය සහ ඇතැම් අප්‍රිකානු රටවල වැටුප් ශ්‍රී ලංකාවට වඩා අඩු වීමයි.

“ඇඟලුම් ගත්තොත් අපි තරග කරන්නේ වියට්නාමය, බංග්ලාදේශය සහ සමහර අප්‍රිකානු රටවල් එක්ක. මේ රටවල වැටුප් මට්ටම ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුයි. ඇතැම් විට අපේ මිල වැඩිවීම බංග්ලාදේශය සමග සසඳලා බැලුවොත් ලංකාවේ නිපදවන භාණ්ඩයකට වඩා මිල අඩුවීමේ ප්‍රතිශතය ඉතාම වැඩියි. මේ නිසා ශ්‍රී ලංකාවට සිදුවෙනවා ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. අපනයනය කරන රටවලුත් විවිධාංගීකරණය කරන්න වෙනවා.”

ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු සීමාව සියයට 30 දක්වා පහත හෙලීමේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය බලාත්මක වන්නේ එළැඹෙන අගෝස්තු 01 සිට සිටය.

දෙරට අතර 88%ක වෙළෙඳ හිඟයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට 44%ක තීරුබදු පනවන බව ඉකුත් අප්‍රේල් මස 02 වනදා මුල්වරට ජනපති ට්‍රම්ප් නිවේදනය කළත් ඊයේ ජනපති ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට යොමුකරන ලද ලිපියෙන් එම ගණන සියයට 14කින් අඩුකර තිබුණා.

ඊයේ (10) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් පැවසුවේ, මෙම තීරු බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීමට සාකච්ඡා කරන බවය.

කෙසේවෙතත්, අමෙරිකාව අලුතින් පැනවූ අන්‍යොන්‍ය තීරුබදු සියයට 30ට අමතරව දැනට පවතින සියයට 10ක තීරු බදු ද එක්වීමට නියමිතය.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...