කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සඳහන් කරයි.

මෙම දරු උපත පසුගිය 10 වෙනිදා සිදුව ඇති අතර මෙම දැරියන් දෙදෙනාගේ මව පන්නල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවක් බව අධ්‍යක්ෂවරයා පැවසිය.

එක් දැරියකගේ උපත් බර කිලෝ 2යි ග්‍රෑම් 200 ක් වන අතර දරු දෙදෙනා කිලෝ 4යි ග්‍රෑම් 400කින් යුතු නිරෝගිව ඉපැදී ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

උදරයෙන් එකට යාවී ඇති මෙම දැරියන් දෙදෙනාව වෙන්කිරීමේ සැත්කම රිජ්වේ ආර්යා ළමා රෝහල තුළදි මාස තුනකින් පසුව සිදුකිරීමට නියමිත බව ද හෙතෙම පැවසිය.

සිසේරියන් සැත්කමකින් ලබා ගත් මෙම දැරියන් දෙදෙනා සිය නිවෙස් වෙත ගෙනයාමෙන් අනතුරුව මාස 3 ක් ඉක්ම ගිය පසු රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට නියමිතව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

දෙබිඩි දරු උපත් මෙම රෝහල තුළ සිදුව ඇති නමුත්, මෑත භාගයේ මෙවැනි දරු උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසිය.

– hirunews

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...