තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමත් අරමුණු කරගෙන තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය සූ චා චොම් කින් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

“ප්ලයි ශ්‍රීනාරොං” සහ “ප්ලයි ප්‍රාතු ෆා” යන නම්වලින් තායිලන්තයේ හඳුන්වන මෙම ඇතුන් දෙදෙනා තායි රාජා සහ කණ්ඩුල ලෙස නම් කර දළදා මාළිගාවේ සහ කැලණිය රජ මහා විහාර භාරකාරිත්වය යටතේය ඇතිදැඩි වන්නේය.

එම ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ පෝෂණය සම්බන්ධ වාර්තාවක් මේ වනවිට පශු වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන සකස් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රකාශ කළේය.

“මේ පැමිණීමේ දී තායිලන්තයෙන් අපට පරිත්‍යාග කරලා තියන ඇතුන් දෙදෙනා ගැන විමසීමක් කරයි. අපි දැනට පශු වෛද්‍යවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් මේ අලි දෙදෙනාට පෝෂණ ඌණතාවයක් තිබේනවාද, සෞඛ්‍ය ඌනතාවයක් තියනවා ද කියලා සොයා බලා වාර්තාවක් දෙන්න කියලා අපි කිව්වා. ඒක බොහෝ විට ඉදිරි දින කීපය තුළ වේවි. ඒක ලැබුණු විගසම අපි විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දෙන්න සූදානමින් ඉන්නවා.” නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

පසුගිය වකවානුව පුරා තායි මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින් තායි රජය විසින් රාජකීය ත්‍යාගයන් සේ ප්‍රදානය කරන ලද මෙම ඇතුන් දෙදෙනා තම රටට යළි ගෙන්වා ගන්නා ලෙස ට වූ මතවාදක් ඇති කළේය.

තායි අගමැති අනුටින් චාන්විරකුල් “ගේ අවධානයට ද ඊට යොමු වී ඇතැයි වාර්තා විය. තායිලන්ත මැතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම මාධ්‍ය වාර්තා පලවන බවට වූ අදහසක් ද ඒ සමග ඇති වී තිබිණි.

මේ අතර තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ තායි රාජා හා කණ්ඩුල ඇතුන් දෙදෙනා යළි එරටට රැගෙන යාම සඳහා රාජ්‍ය මට්ටමින් කිසිදු අවධානයක් මෙතෙක් යොමුව නොමැති බව තායිලන්ත තානාපතිවරයා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත පසුගිය මාසයේ දැනුම් දී තිබිණ.

(lankasara)

Latest News

More like this

සහන බෙදන රජයේ නිලධාරීන්ට දරාගත නොහැකි තරම් පීඩනයක්

ශ්‍රී ලංකාව පුරා දැඩි විනාශයක් සිදු කළ සුළි කුණාටුවෙන්...

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...