ඇමැතිගේ බලු සුරතලුන් ගෙනයන සුපිරි බසය පෙරළෙයි..

සුරතල් සතුන්ට කැමති(Pet Lover) ප‍්‍රබල ඇමතිවරයෙකුට අයත් බසයක් ඊයේ(26) උදේ 3.00ට පමණ හපුතලේ නගරයේදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

බලු පැටවාට තිබුන අසනීප තත්ත්වයකට ප‍්‍රතිකාර ලබාගෙන කොළඹ සිට නැවත බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් තිබියදී බස් රථය පෙරළී ගොස් ඇත්තේ රියදුරුට නින්දයෑම නිසාය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බසයේ සිට ඇත්තේ අදාල රියදුරා සහ සුරතල් බලු පැටවා පමනක් වන අතර ඔවුන්ට අනතුරක් සිදුව නැතිබව පොලිස් ආරංචි මාර්ග දක්වයි.

මෙම ඇමතිවරයා ලඟ නොයෙකුත් වර්ගයේ බලු සරතලුන් සිටින අතර මෙම සුඛෝපභෝගී බස් රථය වෙන්කර ඇත්තේ සුරතල් බලු පැටවුන් ප්‍රවාහනය සඳහා යැයි රියදුරු පවසා ඇත.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...