තම ගායනය නිසා සිත් රිදවීමට ලක්වුවන් ගෙන් උමාරා සමාව අයැදියි!

පසුගිය ජූලි මස 30 වන දින ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී තමන් ජාතික ගීය ගායනය කිරීමේදි උච්චාරණයේ ගැටලු සහගත තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ඉන් පීඩාවට පත් වූ මෙන්ම සිත් රිදවීමට ලක් වූ ඕනෑම කෙනෙකුගෙන් හෘදයාාංගමව සහ අවංක සමාව අයද සිටින බව ගායන ශිල්පිනි උමාරා සිංහවන්ස පැවසුවාය.

උමාරා සිංහවන්ස මේ බව සදහන් කර තිබුනේ ඇගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබිමිනි.

එම සටහනට අනුව ඇය මෙලෙස පවසා තිබේ,

ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක උත්සවයේදී ජාතික ගීය මා විසින් ගායනා කරන ලද අතර, සමහර වචන මා විසින් උච්චාරණය කරන ලද ආකාරය පිළිබදව ගැටලු සහගත තත්ත්වයක් ඇති වී ඇති බව මගේ අවධානයට යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් මා කියා සිටින්නේ, මා ශ්‍රී ලාංකිකයකු වශයෙන් මම නිතරම ශ්‍රී ලංකා ධජය මහත් අභිමානයෙන් ඔසවා ඇති බවත්, තම මාතෘ භූමියට ආදරය කරන ගායිකාවක් වශයෙන් මා විසින් සෑම අවස්ථාවකදීම මගේ රටේ අභිමානය නගාසිටුවීම සදහා ගීත ගායනයෙන් මෙන්ම විවිධ ආකාරයෙන් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කර ඇති බවයි. ජාතික ගීයේ වචන විකෘති කිරීමට හෝ කිසිදු ආකාරයක වැරදි අර්ථ කථනයක් සැපයීමට මා කිසිවිටකත් අදහස් කළේ නැත.

මගේ රටේ ජනතාවගේ හැගීම් මට වැටහෙන බැවින්, මගේ ගායනය නිසා පීඩාවට පත් වූ සිත් රිදවීමට ලක්වූ ඕනෑම කෙනෙකුට මගේ හෘදයාංගම සහ අවංක සමාව අයැදිමි.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...