වෙන කිසිම ලයිට් බිලක් නොගෙවෙන බව සනත් නිශාන්‍ත අවධාරණය කරයි

තමන් විදුලි බිල්පත් ගෙවීමට සූදානම් බව ප්‍රකාශ කිරීමෙන් පසු විදුලි බිල ගෙවන ලෙස ඉල්ලා ජනතාවගෙන් ඉල්ලීම් 1500කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු මාධ්‍ය වෙත පවසා ඇත්තේ තමන් කිසිවිටෙක කිසිවෙකුගේ විදුලි බිල පියවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) අඩු ආදායම්ලාභී පවුල්වල හෝ වෙනත් කිසිවකුගේ විදුලි බිල්පත් ගෙවීමට එකඟ නොවූ බව ඔහු පවසනවා.

රාජ්‍ය ඇමතිවරයා අදහස් කරන්නේ මෙය ජනතා විමුක්ති පෙරමුණේ කුමන්ත්‍රණයක් විය හැකි බවයි.

“මගේ WhatsApp හරහා මට ලැබුණු එම බිල්පත් කිසිවක් මම ගෙවන්නේ නැහැ” යැයි ඔහු පවසා තිබෙනවා.

එසේ වුවද, රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉකුත් දා ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආන්දෝලනාත්මක නොගෙවූ රු.ලක්ෂ විසිහයකට අධික බිලක් ගෙවා දමා තිබුණා.

“යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ගරු කිරීමක් ලෙසත්, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා දේශපාලනයේ සහ ව්‍යාපාරික කටයුතුවල දී සහය දුන් මිත්‍රයෙක් නිසාත් මම එම ණය මුදල ගෙවා දැම්මා” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...