සභා ගර්භයේ හූ කියමින් සෙංකෝලය ඉවත් කිරීමට හැදූ අජිත් මාන්නප්පෙරුමට සති හතරක් පාර්ලිමේන්තුව තහනම්

සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා අද (19) පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මේ අතර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් සති 4ක කාලයකට පාර්ලිමේන්තුව අත්හිටුවන බව ද කථානායකවරයා ප්‍රකාශ කළා.

මීට පෙර පාර්ලිමේන්තු විවාදය අතරතුර සභා ගර්භය තුළ ඇති වූ උණුසුම් වාද විවාදවලින් අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10 කට කල් තැබුවා.

පාර්ලිමේන්තු කටයුතු යළි ආරම්භ කරමින් කථානායකවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සභාවේ හූ හඬ නගමින් හා සෙංකෝලය ඉවත් කිරීමට තැත් කර ‘බරපතල වරදක්’ සිදුකර ඇති බැවින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 77/ III ප්‍රකාරව මෙම තීරණය ගත් බවයි.

තවද, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිපදිමින් විනයගරුකව හැසිරෙන ලෙසද ඔහු අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වෙන්නේ.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...