අනුරගේ පෙරළියට උතුරෙන් කොළ එළියක්. යාපනේ සමුළුවට සුමන්තිරනුත් එක් වේ

උතුරේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණය සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් භාවිත කිරීම වෙනුවට එය සැබෑ ලෙසම විසඳීම සඳහා එක් වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උතුරේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ බැංකු සහ මූල්‍ය සංසදයේ යාපන දිස්ත්‍රික් සමුළුව අමතමින්.

මෙම අවස්ථාවට ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ද එක්ව සිටියා.

උතුරත් නැගෙනහිරත් බේදයකින් තොරව රටේ සියලුම ජනතාව දූෂිත දේශපාලනයේ ග්‍රහණයට ගොදුරු වී සිටින බවත් සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව සියලු දෙනා එම දූෂිත දේශපාලනය අවසන් කළ යුතු මොහොත එළැඹ ඇතැයි අනුර කුමාර දිසානායක මහතා මෙහි දී අවධාරණය කළා.

“මම ඔබට කියන්නෙ නෑ මම ආවේ 13+ දෙන්න කියලා. මම ඔබට කියන්නෙ නෑ මම ආවේ ෆෙඩරල් දෙන්න කියලා.මට ඡන්දෙ දෙන්න කියල ඉල්ලන්න නෙවෙයි මම ආවේ. අපි ඔබ හමුවට ආවේ මේ රට කඩා වැටී ඇති තැනින් ගොඩගන්නේ කේසේද යන්න කතා කරන්න. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ගේ ප්‍රතිපත්තිවලට මේ රට ගොඩගන්න පුළුවන් ද කියලා කතා කරන්න.”

“මේ රට විනාශ කළ පාලකයන්ගේ පැවැත්ම වුණේ ජාතිවාදය. අනිත් සේරම ප්‍රශ්ණ පැත්තකින් තියලා සිංහල නායකයෝ රට බේරා ගැනීම, ආගම බේරා ගැනීම, ජාතිය බේරා ගැනීම කියන බෝඩ් එකෙන් රට අවුස්සනවා. ඒක තමයි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම.අපට තිබුණේ නෑ ජාතික සමගිය ගොඩ නැගීම පිළිබඳ දැක්මක්. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ සමගිය වැළැක්වුවා. ඔවුන් අපිව බෙදුවා. 1505 සිට 1948 දක්වා අවුරුදු 450 ක් කවර හෝ විදේශීය බලවේගයකගේ පාලනයට අපි යටත් වුණා.

1948 දී සුද්දගෙන් නිදහස් වෙලා පුරවැසි පනත ගේනව. කඳුකර ජනතාවගේ දේශපාලන අයිතිය අහෝසි කරන්න. ඒකට විරුද්ධ්ල්ව චෙල්වනායගම් මහත්තයා තමිල් අරසුකච්චි පක්ෂය ගොඩ නඟනවා. 1956 දී භාෂා ප්‍රශ්ණය ඇති කර ගන්නවා. 1958 දී දෙමළ සිංහල කෝලාහලයක් ඇති වුණා. 1958 මැදභාගය වෙනකොට ශ්‍රී අකුරේ කලු තෙල් ගානවා. 1965 වෙනකොට ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ කියලා පෙළපාලි යනවා. 1976 දී වඩුක්කොඩෙයි සම්මේලනය තියනවා. 1977 මැතිවරණයේ දී වෙනම රාජ්‍යක් සඳහා සූර්යයාට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලනවා. 1981 දී යාපනය පුස්තකාලය ගිනි තියනවා. 1983 දී ජූලි කලබල ඇති කරනවා. 1984-85 වෙනකොට උතුරේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් හැදෙනවා. 2009 දී යුද්ධය අවසන් වෙනවා. මුළු නිදහස් කතාවම මොකක්ද? බෙදුනු කතාවක් නෙවෙයි ද? ගහගත්ත කතාවක් නෙවෙයි ද? ජාතිවාදී ප්‍රශ්ණයට ප්‍රශ්ණාර්ථයක් නෙවෙයි. ජාතිවාදයට තිත තැබිය යුතුයි.” යනුවෙන් ඔහු මෙහි දී පවසා සිටියා.

Latest News

More like this

උසස් පෙළ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍ර දෙකම නුගේගොඩ ‘සක්යා’ එකෙන් ලීක් වෙලා…

මෙවර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය නුගේගොඩ...

ඇස් අන්ධ වුණේ කෙහෙළියගේ බෙහෙතෙන් නෙවෙයි… සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු...

මාධ්‍යවේදීන් CID ගෙන්වීම නින්දිත ක්‍රියාවක් – විපක්ෂ නායක සජිත්

තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ සත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මාධ්‍යවේදීන්...

බලංගොඩ කස්සප හිමිට වරෙන්තු…

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර...