ඉන්දියාවේ රාහුල් ගාන්ධි හා මෝදිත් විවාදයක – ලංකාවේ අනුර විතරයි. සජිත් රනිල් ආගිය අතක් නෑ

ඉන්දියාවේ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ඊයේ (11) අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ප්‍රසිද්ධ විවාදයකට ආරාධනයක් පිළිගෙන ඇති නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ අපේක්ෂයන් තමන්ගේ ආරධනාව පිළි ගෙන නොමැති බව ඩේලි මිරර් පුවත්පත චෝදනා කර තිබෙනවා.

ඉන්දීය අගමැති සහ කොංග්‍රස් නායක අතර විවාදය යෝජනා කර ඇත්‍තේ හිටපු විනිසුරුවරුන් දෙදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විසින් නායකයින් දෙදෙනාට යවන ලද ලිපියක් මගිනි.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අනාගත ජනාධිපති අපේක්ෂකයින් තිදෙනා අතර විවාදයක් සඳහා ඩේලි මිරර් විසින් කරන ලද ආරාධනය තවමත් පිළිගෙන නොමැති බව එම පුවත්පත සඳහන් කරනවා.

ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක පමණක් මේ වන විට ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති අතර සමගි ජන බලවේගයේ(SJB) නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම තවමත් ආරාධනය පිළිගෙන නොමැති බවයි එම පුවත්පත පවසන්නේ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!