කෝටි 20ක් වැය කර ගෙන්වූ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය සවි කර ගත නොහැකි වීමෙන් වැරදුණු කාලගුණ අනාවැකිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඊයේ (02 වැනිදා) දිනය සම්බන්ධයෙන් නිවැරදි කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැතිවීම නිසා වැසි තත්ත්වය පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට නොහැකි වීම නිසා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් පවසා තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය (31 වැනිදා) පස්වරුවේ නිකුත් කරන ලද ඉදිරි පැය 36 සදහා වූ කාලගුණ නිවේදනය මගින් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන බව පවසා සිටියා.

එසේ වුවත් පෙරේදා (01 වැනිදා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලි මීටර් 436 ක වර්ෂාපතනයක් වාර්තා වීමත් සමඟ නිවැරදි අනාවැකියක් ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මගින් වායුගෝලීය සාධක හඳුනාගැනීමෙන් ඉදිරි පැය දෙක තුනක කාලගුණ අනාවැකිය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.

මෙම තාක්ෂණය ලෝකයේ රටවල භාවිත කෙරෙන්නේ දැනට අවුරුදු 20 කට වැඩි කාලයක සිට බව සඳහන්.

එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට ද නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් අය වැයෙන් වෙන් කෙරුණු නමුත් එම පද්ධතිය සවි කිරීමට යාමේ දී සිදු වූ අනතුරක් නිසා එය ස්ථාපිත කිරීමට නොහැකි වුණා.

එම පද්ධතිය ගොංගල කඳු මුදුනේ සවි කිරීමටද සැලසුම් කෙරුණු අතර ඇමෙරිකාවෙන් 2011 වසරේදී ආනයනය කරන ලද මෙම පද්ධතිය ගොංගල කඳු මුදුනට ප්‍රවාහනය කරද්දී රථය පෙරළී යාමෙන් එය වැළකුණු බවයි සඳහන් වන්නේ.

මෙම පද්ධතිය සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් වැයවී ඇතැයි ද පැවසෙනවා.

කෙසේ නමුත්, මේ දක්වා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොමැතිවීම නිසා ඉදිරි පැය කීපය තුළදී ක්ෂණිකව ඇතිවන කාලගුණ විපර්යාස සම්බන්ධව නිවැරදි අනාවැකි තත්ත්වයන් ප්‍රකාශ කිරීමට නොහැකිවී තත්ත්වයක් මතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණය පවතින්නේ වසර ගණනාවක් පිටුපසින් බවත්, ලිං මැඩියෝ වගේ එකම තැන සිරවී නොසිට තාක්ෂණය සමග කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරියට යායුතු බවයි.

ලෝක බැංකු ආධාර ඇතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණය සිදු කරමින් පවතින බවත්, ජපානයේ ජෛයිකා ආධාර ඇතිව ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් මේ වසරේ ජූලි මාසය වනවිටදී සවි කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!