හීනයක්වත් නැති තරුණ පරපුරක් හදන රටක භයානකකම.. ව්‍රායී කැලී බල්තසාර් කියයි

තීරණාත්මක ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාව අතට බලය එන අතර නිසැකවම එම පෙරළිය සිදුවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායී කැලී බල්තසාර් පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් 17 වැනිදා වන විට අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනු ඇතැයි ඇය සඳහන් කර තිබෙනවා.

මේ වන විට ජාතික ජන බලවේගය සිදු කරන්නේ ඉන් පසු අවශ්‍ය වන ප්‍රතිපත්ති සැලසුම් කිරීමයි.

“මං හිතන්නෙ අපි ලෑස්තියි. අපිටත් වඩා ජනතාව ලෑස්තියි. ඒක හරි ලස්සනයි. අපි ගමකට යනකොට අපි දිනුම් කියලා කියන්නෙ. ඕගොල්ලො දිනුම් කියල හරි වෙන පක්ෂයක් ගැන හරි නෙවෙයි කතා කරන්නෙ. අපි දිනුම් කියල කියන්නෙ. අපේම කියන හැඟීම තියෙනව. ඒක හරි ලස්සනයි.

ජනතාවට අවශ්‍ය වෙනස නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය බවත් එම වෙනස අවශ්‍ය කාන්තාවන් තරුණයින් සියලු දෙනා එහි කොටස්කරුවන් විය යුතු බව ද ඇය සඳහන් කර තිබෙනවා.

“අපි කාන්තා සමුළු තිබ්බා. අපි දිස්ත්‍රික්ක 25 න් 22 කම කාන්තා සමුළු පවත්වල තියෙනවා. දැන් තරුණ රැළි පවත්වමින් යනවා. මාතර තිබ්බා, හම්බන්තොට තිබ්බා, කුරුණෑගල තිබ්බා, ඉදිරියේ අනුරාධපුරේ තියෙනවා. කොළඹත් තියෙයි. ඒ වගේ දැවැන්ත වැඩ කොටසක් කරගෙන යනවා.

පිටට පේන්න තියෙනවා. ලොකු සෙනඟක්. ලොකු ටෙන්ට්, ලොකු කතා. එතැනට එන්නෙ යටින් ලොකු සංවිධානය කිරීමක් හරහා. කාන්තාව වෙනස් වෙලා. තරුණයා වෙනස් වෙමින් යනවා. ඒ වෙනස නියෝජනය කරන්න ජාතික ජන බලවේගයේ අපි එනවා.”

ඇය මේ බව සඳහන් කළේ ලක්වාහිනී යු ටියුබ් නාළිකාව හා සංවාදයකට එක් වෙමින්

ජීවිතයේ හොඳම කාලය අහිමිව, මේ වන විට රට හැර යන තරුණ පරපුර පිළිබඳව ලක්වාහිනී අප කළ විමසුමකට ඇගේ පිළිතුර වූයේ මෙවන් අදහසකි.

“ඇත්තටම මට තියෙන්නෙ දුකක්. සමහර මල්ලිලා නංගිලව හම්බවෙනවා. එයාල අක්කෙ රට යන්න ක්‍රමයක් නැද්ද? කාවහරි හොයල දෙන්න බැරි ද කියලා. මං අහනව එතකොට ඔයාල රට ගිහින් මොනවාද කරන්නෙ කියලා. මොකක් කරත් කමක් නෑ. අනේ ඕන දෙයක්. ලංකාව කියන්නෙ කොච්චර අවිනිශ්චිත දකියන එක තේරෙනවා.

රට ගිහින් කවුරුත් දන්නෙ නැති, ෆැමිලි එකක් නැති තැනකට ගිහින් ඕන දෙයක් කරන්න කැමතියි.

අවුරුදු අටක නවයක ළමයෙක්ගෙන් ඇහුවම කියනව මට ඕන සින්දු කියන්න. මට ඕන රඟපාන්න, මට ඕන ෆොටෝ ග්‍රැපර් කෙනෙක් වෙන්න, මට ඕන තාත්තා වගේ බැංකුවක වැඩ කරන්න. මොකක් හරි අදහසක් කියනවා.

මට මෑතකාලීනව හම්බවෙලා තියෙනවා අවුරුදු 19, 20, 21 OL, AL ඉවර වෙලා අවුරුදු පහක් හයක් ගෙදරම ඉඳලම ඇහුවම මොකක්ද කරන්න ඕන කියලා කිසිම අදහසක් නෑ. හීනයක් කියල එකක්වත් නෑ. ඒක තමයි සමාජෙට වෙන්න පුළුවන් භයානකම දේ”

සම්පූර්ණ සංවාදය මෙතැනින්:

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!