ඇමරිකාව දුවන්නෙ අපේ ඔළුගෙඩි වලින්.. අනුරගේ ආණ්ඩුවක ප්‍රතිපත්ති හදන්න ඇමරිකාවෙන් එන වැඩකාරයෝ මෙන්න

ලොව පුරා විවිධ රටවල විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂෙත්‍රවල සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයින් මෙන්ම මෙරට විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් අද (29) කොළඹ දී ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්‍තිය එළිදැක්වුණා.

විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ නව දැක්ම ඔස්සේ එම පක්ෂයේ සැලසුම වන්නේ නවෝත්පාදන හා නව සොයාගැනීම් හරහා පර්යේෂණ හා සංවර්ධන නිවැරදි දිශානතියට යොමු කිරීමත් ඒ ඔස්සේ ආර්ථික සංවර්ධනය, මානව හා සමාජයීය සංවර්ධනය, පරිසරය දියුණුව හා පරිසරය ආරක්ෂා කිරීම යන ප්‍රධාන අංශ තුන සංවර්ධන කිරීමයි.

එම ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා විශාල දායකත්වයක් දැක්වූ හූස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගම සූරිය මහතා මෙහි දී විශේෂ දේශනයක් සිදු කරමින් ඇමරිකානු රජය තමන්ගේ ආදායමෙන් (GDP) සීයට 3.5ක් පර්යේෂණ හා සංවර්ධනය (Reserch and Development) සඳහා යොදවන ආකාරයත් එම පර්යේෂණ ප්‍රතිඵල ආර්ථිකය සඳහා යොදා ගන්නා ආකාරයත් පැහැදිලි කළා.

ශ්‍රී ලංකාව ද ඊට කිසිසෙත් නොදැවනි බවත් සිය දහස් ගණනක් පර්යේෂණ ආයතන අප සතු බවයි ඔහු පවසන්නේ.

විද්‍යා හා තාක්ෂණය සමග ගැට ගැසුණු නම් දෙකක් තමයි පර්යේෂණ සහ සංවර්ධන (R&D) කියල කියන්නෙ. හරියට කිව්වොත් නිර්මාණශීලී ක්‍රමවේදයකට අනුව දැනුම වර්ධනය කරගනිමින් දැනුම යොදවලා නව නිෂ්පාදන හා සේවා හඳුන්වාදීම. ඒ කියන්නෙ වෙළඳපොලේ අවශ්‍යතාවන් අධ්‍යයනය කරමින් නව අගය එකතු කළ භාණ්ඩ හා සේවාවන් නිපදවීම තමයි R&D කියන්නෙ. මේ හරහා ආර්ථිකයට විශාල බලයක් එක් කිරීම පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. මම ආවෙ ඇමරිකාවෙන් මට පුංචි කතාවක් කියන්න හිතුණා ඇමරිකාව ගැන.

ඇමරිකානු රජය තමන්ගේ ආදායමෙන් 3.5% ක් R&D සඳහා යොදවනවා. ඒවා NIH වැනි ආයතන 438 ක් තියෙනවා එක එක විෂයන් සඳහා. මේ ආයතනයේ වගකීම තමයි රටේ අනාගතයට රටේ ආර්ථිකයට අවශ්‍ය කරන පර්යේෂණ මොනවද කියල හරියටම අඳුනගන්න එක. ඊට පස්සෙ ඒ අඳුනගන්න පර්යේෂණ සඳහා මුදල් දෙනවා. විශ්වවිද්‍යාලවල ඉන්න අපි වගේ අය අයදුම් කරල ඒ මුදල් අරගෙන ඒ පර්යේෂණ කරනවා. ඒ හැම පර්යේෂණයක්ම රටේ ආර්ථිකයට ගැටගහලා තියෙන්නෙ. ඊළඟට පර්යේෂණය සාර්ථක නම් ඊලඟ පියවර ඉදිරියට ගෙනියන්න තවත් ආයතන තියෙනවා. ඊට පස්සෙ අවදානම අඩු වෙනවා. අවදානම අඩු වෙනකොට පුද්ගලික අංශය ඉදිරියට එනවා.

ඇත්තටම මම කියනවා අපි සෙකන්ඩ් නෑ ඇමරිකාවට අපි ඊට වඩා උසස්. ඒ නිසා තමයි මාවත් අඬගහගෙන ඒගොල්ලො වැඩ ගන්නෙ.

ගැටලුව ඇත්තේ මෙහි පර්යේෂණ ක්‍රියාවලියෙහි අන්‍තර් සබඳතාවක් නොමැති වීමත් බරපතලම කාරණය එම පර්යේෂණ රටේ ආර්ථිකයට ඈඳා නොමැති වීමත් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල R&D සඳහා යොදවන මුදල් ඉතා අවම ප්‍රමාණයක පැවතීම බව ද ඔහු පෙන්වා දුන්නා.

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!