“1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව පවත්වා ගෙන යාමට අපහසුයි – මහා භාණ්ඩාගාරය දැනුම් දෙයි

පුද්ගලයින් දහස් ගණනකගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් අනූපමේය සේවාවක් ඉටුකරනු ලැබූ “1990 සුව සැරිය“ ගිලන් රථ සේවාව, තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මහා භාණ්ඩාගාරය පවසයි.

පුවත්පත් දැන්වීමක් පළකරමින් මහා භාණ්ඩාගාරය පවසන්නේ, තමන්ට තවදුරටත් ඒ වෙනුවෙන් පූර්ණ වශයෙන් අරමුදල් සම්පාදනය කළ නොහැකි බවයි.

මෙම වාතාවරණය තුළ 1990 කළමනාකරණ හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නව ව්‍යාපෘතියක් දියත් කර තිබේ. එනම් ගිලන් රථයක භාරකාරීත්වය භාරගන්නා ලෙස මහජනතාවට ආරාධනය කර සිටිමිනි. මෙරට තනිපුද්ගලයින්ට හා ආයතන සඳහා මේ සඳහා ඉදිරිපත් විය හැකිය.

“Adopt an Ambulance” ලෙසින් හඳුන්වා දී ඇති මෙම ව්‍යාපෘතියේ දී එක් ගිලන් රථයක භාරකාරත්වය ගැනීම සඳහා පිරිවැය ලෙස හඳුන්වා දී ඇති මුදල රු. මිලියන 5කි.

අද වන විට 1990 සුව සැරිය ගිලන් රථ 297 ක් සමස්ත දිවයිනම ආවරණය කෙරෙන පරිදි ක්‍රියාත්මක වේ.

සාමාන්‍යයෙන් මිනිත්තු 11.5 ක කාලයක් තුළ දී 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ප්‍රතිචාර දක්වා ඇති බවත් එය ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක මෙවැනි සේවාවන්ට නොදෙවෙනි සේවාවක් ලබා දෙන බවත් අදාළ පුවත්පත් දැන්වීමෙහි සඳහන් වේ.

එම පුවත්පත් දැන්වීම පහතින් දැක්වේ.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!