ජගාගේ ”රහස් කියන කඳු” ඩකා සිනමා උලෙළට

ජගත් මනුවර්ණ ගේ ”රහස් කියන කඳු” 22 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 20 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී එහි ප්‍රමුඛතම අංශයක් වන ආසියානු තරගකාරී අංශය යටතේ චිත්‍රපටය තරග වදිනු ඇත.

අන්තර්ජාතික ජූරි සභාවක් විසින් ආසියානු තරගකාරී අංශයේ තීන්දුව ලබාදෙන අතර එම අංශය යටතේ හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රංගන ශිල්පියා, හොඳම රංගන ශිල්පිනිය, හොඳම තිර රචනය සහ හොඳම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන ලබාදීමට නියමිත ය.

රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.

ජගත් මනුවර්ණගේ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය 2023 රොටර්ඩෑම් සිනමා සම්මාන උළෙලේ දී මින්පෙර සම්මානයට පාත්‍ර විය.

Bright Future තරග අංශය යටතේ ඉදිරිපත් කර තිබූ සිනමාපටය NETPAC (Network for the Promotion of Asian Cinema) සම්මානය සඳහා ද සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව, ‘රහස් කියන කඳු’ සිනමා පටය සඳහා NETPAC සම්මානය හිමිවිය.

සබැඳි පුවත් :

මනුවර්ණගේ “රහස් කියන කඳු” බලන්න තරංගනී ශාලාව පිරී ඉතිරී යයි

Latest News

More like this

වසරක් තුළ වූ දෙවැනි විවාහය ගැන සුපිරි ක්‍රිකට් තරු රෂීඩ් හෙළිකරයි

ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන ඇෆ්ගනිස්ථාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ්...

මෙක්සිකෝ රූ රැජිනට තායිලන්තයේදී කැතවැඩක් !

විශ්ව රූ රැජින තරගාවලියට පෙර පැවැත්වෙන උත්සවයකදී සත්කාරක තායිලන්තයේ...

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...
error: Content is protected !!