පර්ත් ප්‍රසංගය කැන්සල් කරන්න යනකොට සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ බිලියනපති දායකයෙක් මුළු වියදම තනියෙන් ගෙව්වා – ඉරාජ්

0

අති සාර්ථක Concert series එකකට පසු ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට එන ගමන් මගේ Phone එකෙන් මම edit කරපු Video එක මේ ❤️
කියන්න තියෙන දේවල් ඔක්කෝම මේ Video එකේ තියනවා…

  1. මුලින්ම ජවිපේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් 10,000කට ආසන්න ප්‍රමානයක් පෙත්සමක් අත්සන් කලා මට යන්න බැරි වෙන්න…
  2. ඔස්ට්‍රේලියානු රජයට බොරු ලියුම් පෙත්සම් ගැ හු වා මම
    ත්‍රස් ත වාදියෙක් කියලා අපේම මිනිස්සු 🤷‍♂️
  3. Event එක කරන හැම Club / Hall එකකටම ලියුම් දැම්මා මේක කරන්න දෙන්න එපා මම අන් ත වාදියෙක් සහ ත්‍රස් තයෙක් කියා label කරලා. කරොත් Event එක ඉස්සරහා විශාල පිරිසක් වර්ජනය කරලා පිකටින් එකක් කරනවා කියලා…
  4. මේක Fail මම නිසා Ticket ගන්නේ නෑ මේ Concert එක Fail කියලා විශාල මඩ ප්‍රචාරයක් අරන් ගියා එහේ ඉන්න අනිත් Concert සංවිධායකවරු. සමහරු අරගලයේ හිටපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට සල්ලි දීලා #BoycottIraj කියලා campaign එකක් අරගෙන ගියා.
    නම් ගම් සහිතව ඉදිරියේදී ඔක්කෝම එලියට දානවා මම !
  5. විශාල විරෝධතාවයක් සහ ම ර ණ තර්ජන නිසා කලින් කරන්න හිටපු සංවිධායකවරුන් මේක කරන එක අතඇරියා බයට !
  6. විරෝධය නිසා Perth වල cancel කරන්න ගිය Concert එක අවසාන මොහොතේ සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේගේ බිලියනපති දායකයෙක් උන් වහන්සේ නිසා Perth මුලු Concert එකේම කෝටි ගානක වියදම තනියෙන් දැරුවා ❤️
    හැම දෙයක්ම කඩාකප්පල් කරන පිරිසට පාඩමක් උගන්වන්න තමයි ඔහු මේකට උදව් කරේ !

Ticket විකුණන online Web / Pages ටික බය වුනා concert එක promote කරන post පවා දාන්න ආපු විරෝධය නිසා.

සියලු බාධක මැද අවසානයේ සියලුම concerts sold out වුනා ❤️ ලොකු සෙනගක් හැම concert එකකටම ආවා.
මගේ සංගීතයට ආදරය කරන ලොකු පිරිසක් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා තේරුම් ගත්තා ❤️
ස්තූතියි අලුත් කලාවක් හොයා ගත්ත පොඩි මල්ලි ජනියා මාව විශ්වාස කරලා ගේම අතඅරින්නේ නැතුව හිටියට.
ලංකාවට ඩොලර් ටිකක් ගේන අඩිතාලම පිටිපස්සේ හිටියේ මෙයා ❤️
ඒ වගේම ගොඩක් ස්තූතියි concert එක සංවිධානය කරපු සියලුම දෙනාටම…

Flight එක ඇතුලේ මේක ලියන ගමන් මම කල්පනා කරේ මගේ ගෙවල් / Studio කුඩු කරලා මෙච්චර JVP එක මගේ පස්සෙන් පන්නන්නේ සහ ඇයි මෙච්චර ගේමක් දෙන්න හදන්නේ පුංචි තනි පුද්ගලයෙක්ට කියලා ?

හේතුව හොයා ගත්තා ✅ මගේ මව් බිමට Flight එක ගොඩ බස්සනවාත් එක්කම මේ වචන ටික මම මටම කියා ගත්තා තුන් පාරක්…

“ ඉරාජ් උබ පට්ට පොරක් “