ධම්මික පෙරේරා SriLankan Airlines මිලට ගන්න සූදානම්

0

මෙරට ජාතික ගුවන් සේවය ශ්‍රී ලංකා ගුවන් සේවය(SriLanka Airlines) මිල දී ගැනීම සඳහා ආයෝජකයින් 6 දෙනෙකු කැමැත්ත පළ කර තිබෙන බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත ගත කරනු ලබන ඒකකයේ ප්‍රකාශකයෙක් පවසයි.

මැලේසියාවේ AirAsia සමූහය, ශ්‍රී ලංකාවේ FITS Aviattion සහ Hayleys PLC, Dharshaan Elite Investment Holding (Pvt) Ltd, Sherisha Technologies Private Limited සහ Treasure Republic Guardians Limited එම ලංසුකරුවන් වේ.

සුදුසුකම් ලත් ආයෝජකයින් ඇගයීමකට ලක් කර තෝරා ගැනීම සිදු කරනු ඇත.

සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ ගණුදෙනු උපදේශකයින් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව රජයට උපදෙස් දීම දිගටම කරගෙන යන බව සඳහන් වේ.

මෙහි සඳහන් Heyles PLC මෙරට විවිධාංගීකරණය වූ ක්ෂේත්‍රයන් හි නිරත දැවැන්ත සමාගම් සමූහයක් වන අතර ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එහි පාලක කොටස් හිමියා වේ.