උමාලි Cyber Harassment ගැන කරපු කතාව සම්බන්ධව, සමන් අතාවුදහෙට්ටිත් පැටලේ..

උමාලි දඬුකඳේ ගැසීම…!

පසුගිය රයිගම් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම සම්මානය දිනා ගැනීමෙන් පසු උමාලි තිලකරත්න දැක්වූ අදහසක් පිළිබඳ සයිබර් අවකාශයේ අතොරක් නැතිව විවේචන එල්ල වෙමින් පවතී.

එසේ විවේචනය කරන හුඟ දෙනෙක් ඇය අදහස් දක්වන අවස්ථාවේ එතැන සිටියේ නැත. එතැන හිටියා නම් ඇගේ අදහසට සම්පූර්ණයෙන්ම සවන් දී නැත.

උමාලි සිය ප්‍රකාශයෙන් මතු කළේ පීතෲ නට්‍යයේ තමන් නිරූපිත චරිතය මුහුණ පෑ මූලික ගැටළුව සම්බන්ධව ය. සයිබර් අවකාශය ඔස්සේ තරුණියක බිල්ලට ගැනීමට ගන්නා උත්සාහයක් මෙහි වෙයි. උමාලිට සම්මානය හිමිවූයේ එකී තරුණියගේ චරිතය වෙනුවෙනි.

සයිබර් අවකාශයේදී පුරවැසියෝ බොහෝ තාඩන පීඩන, අඩන්තේට්ටම්, මදිපුංචිකම්, ලිංගික හිංසනයන් ආදී සයිබර් අපයෝජනයන්ට ලක්වෙති. සියදිවි නසාගැනීම් දක්වා මේ අපයෝජනයන් දුරදිග ගිය අවස්ථා ඕනෑ තරම් ය. උමාලි පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් ලංකාවේ පවත්නා නීති රීති ප්‍රමාණවත් නොවන නිසා බලධාරීන් ඒ ගැන අවධානය යොමු කළ යුතු බව ය. ඇගේ ප්‍රකාශයේ හරය එය ය.

නමුත් බුකියේ දැන් සිදුවෙන්නේ, මේ සමස්ත ප්‍රකාශයේ වාක්‍ය කීපයක් පමණක් උපුටා දැක්වීම ය. උපුටනයෙන් මතුවන අදහස සමස්තය සේ සලකා විවේචනය කිරීම ය.

මෙය ද එක්තරා ආකාරයක සයිබර් අපයෝජනයකි.

සයිබර් අවකාශයේ අපරාධ සඳහා නව නීති රීති ලෝකයේ බොහෝ රටවල් දැන් හඳුන්වා දී හමාරය. ලංකාවටත් එවැනි නීති රීති අවශ්‍ය බව උමාලි අවධාරණය කළා ය.

ඇගේ අදහසට මම නම් සියයට සියයක් ම එකඟය.

රටම පටලවාගත් උමාලිගේ කතාව..

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...