අම්බානි හා අදානිගේ කලු සල්ලි ගැන මෝදිගෙන් ප්‍රකාශයක්

කොන්ග්‍රස් නායක රාහුල් ගාන්ධි මෙවර මැතිවරණය සඳහා ඉන්දියානු ප්‍රකෝටිපතියන් වන අම්බානි සහ අදානිගෙන් කොපමණ කලු සල්ලි ප්‍රමාණයක් ලබා ගත්තේ දැයි රටට හෙළි කළ යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබෙනවා.

ඔහු පසු ගිය දා පැවති රැළියක දී ප්‍රකාශ කළේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රාහුල් ගාන්ධි අම්බානි සහ අදානි අපයෝජනය නැවැත්වූ බවයි.

ඔහු මේ බව සඳහන් කළේ කොංග්‍රසයේ කුමාරයා ලෙස රාහුල්ව අමතමිනි.

කොංග්‍රසයේ ෂෙසාදා (කුමාරයා) පසුගිය වසර පහ පුරාවටම ‘ව්‍යාපාරිකයන් පස් දෙනෙක්, ව්‍යාපාරිකයන් පස් දෙනෙක්’ කියා කෑ ගැසූ බව ඔබ දකින්න ඇති. ඔහුගේ Rafel ප්‍රහාරක ජෙට් යානා ප්‍රශ්ණය සමඟ එම නම් ප්‍රකාශ කිරීම නැවතුණු බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

“ඊට පස්සේ ඔහු අම්බානි-අදානි, අම්බානි-අදානි කියන්න පටන් ගත්තා. නමුත් මැතිවරණ ප්‍රකාශයට පත් වූ දා සිට ඔහු අම්බානි-අදානි අපයෝජනය කිරීමත් නතර කර තිබෙනවා. මට අද තෙලන්ගානා දේශයෙන් ඇසීමට අවශ්‍යයි, මෙවර මැතිවරණයේදී කුමාරයා අම්බානි-අදානිගෙන් කොපමණ මුදලක් ලබාගෙන තිබේද? ඔහු සතුව කළු සල්ලි මලු කීයක් තිබේද? ඔබ එක රැයකින් අම්බානි-අදානි අපයෝජනය කිරීම නැවැත්තුවේ කුමන ගනුදෙනුවක් නිසාද? අවුරුදු පහක් තිස්සේ, ඔබ අම්බානි-අදානි අපයෝජනය කළ අතර, දැන් ඔබ එක රැයකින් නතර කර තිබෙනවා. ඒ කියන්නේ දෙයක් තියෙනවා. ඔබට මේ ගැන රටේ ජනතාවට පිළිතුරු දීමට සිද්ධවෙනවා,” යැයි ඔහු ගාන්ධිගේ නම සඳහන් නොකර පවසා තිබෙනවා.

Latest News

More like this

මස්ක්ගෙන් ලංකාවට ස්ටාර්ලින්ක් සහනාධාරයක්

එක්සත් ජනපද ප්‍රකෝටිපතියකු වන ස්ටාර්ලින්ක් ආයතනයේ හිමිකරු වන ඊලොන්...

මෙසීව බලන්න අපි හනිමුන් එක කැන්සල් කළා…

ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී "GOAT India Tour" සංචාරය...

තෙල්දෙණියේ දී වැටලූ ෆේස්බුක් සාදයේ මහනුවර මාළිමා උප නගරාධිපතිගේ දියණියත් ඉඳලා… ඇප ඉක්මණින් ලැබෙයිද?

වික්ටෝරියා ජලාශය අසල පිහිටි හෝටලයක පැවැත්වූ ‘ෆේස්බුක් සාදයක්’ වටලා...

දකුණු ආසියාවේ හොඳම IQ මීටර ඉන්නේ ලංකාවේ

2025 වසරේ දකුණු ආසියාවේ ඉහළම සාමාන්‍ය IQ මට්ටමක් සහිත...