ආතල් ඉවරයි: කෝපි බිබී ITN එකෙන් විවාදේ බලන්න සෙට් වුණු රනිල්ටත් අනුර සජිත් විවාදයට එක්වන්නැයි ඇරයුම්

යෝජිත සජිත් අනුර විවාදයට අවශ්‍ය නම් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද රැගෙන පැමිණෙන්න යැයි ජාතික ජනබලවේගය යළිත් වතාවක් සමගි ජන බලවේගය වෙත අභියෝග කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථික ප්‍රතිපත්ති අතර වෙනස ක්‍රියාත්මක කරන පුද්ගලයාම පමණක් බව සමගි ජන බලවේගයේ එරාන් වික්‍රමතිලක සහ හර්ෂද සිල්වා වැනි අයම පවසන බැවින් එම යෝජනාව සිදු කරන බව අද (08)පැවති මාධ්‍ය හමුවේ දී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය පැවසුවා.

පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර පැවැත්වීමට යෝජනා කර පසුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විවාදය පිළිබඳ තවමත් ඒකමතික තීන්දුවක් නොමැති වාතාවරණයක ජාතික ජන බලවේගය එම විවාදය සඳහා ඕනෑම මොහොතක සූදානම් බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

සජිත් ප්‍රේමදාස මහතා එම විවාදයට තනිව මුහුණ දීමට සූදානම් නැතිනම් ඔහුගේ ආර්ථික කමිටුවේ සාමාජිකයන්ද ඊට එක් කරගත හැකි බව ද මෙහි දී සඳහන් කළා.

Latest News

More like this

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...

ඩොලර් මිලියන 50ක් වියදම් කර දින තුනක් මඟුල් කෑ ඇමසන් අධිපති

ඇමසන් නිර්මාතෘ, බිලියනපතියෙකු වන ජෙෆ් බෙසෝස් සිකුරාදා වැනීසියේ පැවති...

විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව...
error: Content is protected !!