පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ දක්වා සිදු කළ කිසිදු විමර්ශනයක් පිළිබඳ අගරදගරු මැල්කම් කාදිනල් හිමිපාණන් සෑහීමකට පත් නොවන බව ඊයේ දිනයේ (18) සිදු වූ හමුවේ දී පෙනීගිය බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.
පවතින රජය මේ දක්වා සිදු කළ යාන්ත්‍රණය සත්‍ය වශයෙන්ම ඒ පිටුපස සිටින සැබෑ අපරාධකරු සොයා ගැනීමට අපොහොසත් වී ඇති බව අගරදගරුතුමන් එම හමුවේදී පැවසූ බව ජාතික ජනබලවේගය නියෝජනය කරන උපුල් කුමාරප්පෙරුම මහතා ප්‍රකාශ කළා.
“කාදිනල්තුමන් කිව්වෙත් විමර්ශනයක් සිදුවෙලා නෑ කියලා. උන්වහන්සේ අපට පැහැදිලිව කිව්ව නිසි විමර්ශනයක් අවශ්‍යයි කියලා. ඒක අපිත් පැහැදිලිව දකින දෙයක්. විමර්ශනයක් වෙනව නම් අබු හින්ද් කියන පුද්ගලයා හොයාගන්න වෙනවා. සහරාන්ගේ බිරිඳගේ ප්‍රකාශය අනුව විමර්ශනයක් පටන් ගන්න වෙනවා.ඇත්තටම සාරා ජෙස්මින්ගේ DNA එක අවුරුදු හතරක් සමපාත නොවුණේ කොහොමද කියල හොයන්න වෙනව.”