පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වග උත්තරකරු අද ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා – අපි කොහොමද ජනපති විශ්වාස කරන්නේ? – අගරදගුරු

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිශ්පාදනයක් බවත් ඔවුන් නිකුත් කර ඇති වාර්තාව ඔහුගේ අවශ්‍යතාවය ඉටු කර ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් පියතුමන් පවසනවා.

ඒ අනුව එම වාර්තාවෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, නිලන්ත ජයවර්ධන, පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන සිව්දෙනා දැඩි ලෙස විවේචනය කරමින් එම ප්‍රහාරයේ වගකීම ඔවුන් වෙත පවරා ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එසේ වුවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මේ වන විට ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනි තනතුරෙහි කටයුතු කරමින් සිටින බව ද අගරදගුරුතුමන් සඳහන් කළා.

“ජනපති රනිල් තෝරා පත් කරපු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් විවේචනය කළ පුද්ගලයා අද පොලිසියේ දෙවැනියා කරලා තියෙනවා. අද පොලිසියේ පළවෙනියා ගැන කියන්න ඕන නැහැනේ. ඒත් අපි දන්නවා වෙලා තියෙන්නේ මොකක්ද කියලා. අපි ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය විදියට ඒකට විරුද්ධ වුණේ විශේෂ ලාභයක් ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි. ඔහු ගැන ජනාධිපති කොමිෂන් සභාව ඉතා අශුභවාදී විදියට විනිශ්චය ලබා දීලා තියෙනවා.

සුප්‍රිම් උසාවියෙන් ඔහුට දඬුවම් ලබා දීලා තියෙනවා. මානව හිමිකම් කඩකිරීමක් පිළිබඳව. එහෙනම් කොහොමද මේ තනතුරට දාන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ වෙනත් සුදුසු ගෞරවාන්විත නිලධාරියෙක් ඇත්තම නැද්ද? ඉතින් කොහොමද අපි මේ ජනාධිපති මේ රජය විශ්වාස කරන්නේ.”

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...