මම පෙනී ඉන්නේ ‘හරක් කටා’ මරන්න එපා කියලා.. ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගෙන් විශේෂ හෙළිදරව්වක්

අත් අඩංගුවේ පසුවන හරක්කටා නැමැති සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටින ලෙස වෙනත් නීතිඥයෙක් මගින් හරක්කටා හෙවත් නඳුන්ගේ පියා කරන ඉල්ලිමකට අනුව තමන් එම නඩුව වෙනුවෙන් පෙනි සිටින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කරයි.

පහුගිය දිනවල සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් පොලිස් අත් අඩංගුවේදි මියගිය බවත්, එවැනි පසුබිමක නඳුන්ගේ පියා මොහුව මරන්න එපා කියලා මෙම නඩුව තමන්ට භාරදුන් බව සාලිය පීරිස් මහතා පවසයි.

අපරාධකරුවන් මැරුවට කමක් නෑ කියලා සමාජයේ මතයක් තිබේන අතර ශිෂ්ඨ රටක එවැනි සිද්ධින් සිදු කිරිමට ඉඩ නොදිය යුතු බව වැඩිදුරටත් සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම අදහස් පළ කර තිබේ.

Latest News

More like this

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...

ඩොලර් මිලියන 50ක් වියදම් කර දින තුනක් මඟුල් කෑ ඇමසන් අධිපති

ඇමසන් නිර්මාතෘ, බිලියනපතියෙකු වන ජෙෆ් බෙසෝස් සිකුරාදා වැනීසියේ පැවති...

විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව...
error: Content is protected !!