යුක්‍රේන යුද්ධයේ රුසියානු සොල්දාදුවන්ගේ මරණ 50,000 ඉක්මවයි

යුක්‍රේනයේ රුසියානු හමුදා මරණ සංඛ්‍යාව මේ වන විට 50,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි BBC පදනම් කරගත් විශ්ලේෂණයක් ඔස්සේ තහවුරු කර තිබෙනවා.

යුද්ධයේ පළමු වසරට සාපේක්ෂව දෙවැනි වසරේ මාස 12 ක කාලය තුළ මිය ගොස් ඇති ප්‍රමාණය 25% කින් ඉහළගොස් ඇති බවයි එම විශ්ලේෂණය පෙන්වා දෙන්නේ.

BBC Russian, ස්වාධීන මාධ්‍ය කණ්ඩායමක් වන Mediazona ඇතුළු ස්වේච්ඡා සේවකයින් පිරිසක් 2022 පෙබරවාරි මාසයේ සිට කරන ලද ගණනය කිරීම් පදනම්ව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

යුද්ධයේ දෙවන වසර තුළ රුසියානු සොල්දාදුවන් 27,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන්.

ඔවුන්ගේ විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇති පරිදි යුක්‍රේන හමුදා යටපත් කිරීමට සහ රුසියානු කාලතුවක්කු වලට ඔවුන්ගේ ස්ථාන හෙළිදරව් කිරීමට මොස්කව් සොල්දාදුවන් ඉවක් බවක් නොමැතිව ඉදිරියට යවා ඇති බව සඳහන් වෙනවා.

එම විමර්ශනය පෙන්වා දී ඇත්තේ රුසියාව භෞමික ජයග්‍රහණ සඳහා Meat Grinder tactric එසේත් නොමැති නම් මිලිටරි ජයග්‍රහණයක් වෙනුවෙන් විශාල ජීවිත ප්‍රමාණයක් කැප කරනු ලබන උපක්‍රමය භාවිත කරමින් යුද්ධය මෙහෙයවා ඇති බවයි.

Latest News

More like this

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...

ඩොලර් මිලියන 50ක් වියදම් කර දින තුනක් මඟුල් කෑ ඇමසන් අධිපති

ඇමසන් නිර්මාතෘ, බිලියනපතියෙකු වන ජෙෆ් බෙසෝස් සිකුරාදා වැනීසියේ පැවති...

විවාහ මංගල්‍යය අතරතුර මනාළිය වෙඩි තබා ඝාතනය කරලා..

ඉරිදා අලුයම ප්‍රංශයේ කුඩා ගම්මානයක පැවති විවාහ උත්සවයකින් පිටව...
error: Content is protected !!