සිව්වෙනි වතාවටත් විදුලි බිල වැඩි කිරීමේ සූදානමක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව මේ වසරේ සිව්වන වරටත් විදුල බිල වැඩිකිරීමට කටයුතු කරමින් සිටින බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසා තිබෙනවා.

එය එසේ සිදුවුවහොත් මෙම වසරේ 200% කින් විදුලි බිල වැඩි වී ඇති බවයි එම සංගමය පවසන්නේ.

එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ මෙම යෝජනාවට අවසර ලබා නොදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවයි.

“IMF එක නැවත වරක් විදුලි බිල මේ වසරේ වැඩිකරන්න යෝජනා කරලා තියෙනවා ඊයේ දිනයේ. මේ තියෙන්නේ ඒ යෝජනාවලිය. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා ආණ්ඩුව වසරකට දෙවරක් තමයි විදුලිබිල වැඩිකරන්නේ කියලා. තුන්වෙනි වරත් වැඩිකරන්න හැදුවා ඒක අසාර්ථක වුණා. මේ වසරේ හතරවෙනි වතාවේ මේ විදුලි බිල වැඩිකරන්න උත්සාහ දරනවා.

විදුලි බිල වැඩිකරන කොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සඳහා තමයි විදුලි ගාස්තුව 56% කින් වැඩිකරන්න හදන්නේ. මේ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ලැබෙනවා. අපි කියනවා මේක ප්‍රතික්ෂේප කරන්න කියලා. මේක පනතට පටහැනියිග විදුලි ගාස්තුව වැඩි වුණොත් මේ වසරේ 200%කින් විදුලි බිල වැඩිවෙනවා එහෙම වුණොත්.”

Latest News

More like this

ආපදා සහන සැලසීමට චන්ද්‍රිකාගෙන් රු මිලියන 250ක ප්‍රදානයක්

හදීසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා...

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...