ඊශ්‍රායලයට එල්ල කළ හමාස් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරයේ බිහිසුණු කතා රාශියක් මධ්‍යයේ, ඝාතනයට ලක් වූ දෙමාපියන්ගේ සිරුරු අසල අනාථ වූ නිවුන් බිළිඳුන් දෙදෙනකු හමුවීම පිළිබඳ පුවතක් ජ්‍යාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්ව තිබෙනවා.
මාස 10ක් වයසැති නිවුන් සොහොයුරන් වන Guy සහ Roy නම් බිළිඳුන් දෙදෙනා සොයාගෙන තිබෙන්නේ තුවක්කුකරුවන් ඔවුන්ගේ දෙමාපියන් වන Itay සහ Hadar ඝාතනය කර පැය 12කට වැඩි කාලයකට පසු පවුලේ ආරක්ෂිත කාමරයක ඔවුන්ගේ බිළිඳු ඇඳන් තුළ නිරුපද්‍රිතව සිටිය දීය.
ළදරුවන් දෙදෙනාම දැන් ආරක්ෂිතව තම පවුලේ රැකවරණයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
නමුත් පවුලේ ඥාතීන් පවසන්නේ ශාරීරිකව හානියක් නොවූවත් තවමත් අවුරුද්දක්වත් සම්පූර්ණ නැති දරුවන් දෙදෙනාට මවගේත් පියාගෙත් දෙදෙනාගේම සෙනෙහස අහිමි වීම සාහසික වූවක් බවයි.
‘ඔවුන්ට හුරුපුරුදු මුහුණු දැකීමට අවශ්‍යයි,’ඔවුන් ඉතා කුඩා නිසා, ඔවුන් තම දෙමාපියන්ගේ කටහඬේ ශබ්දයට, සුවඳට හුරුවී ඇති නිසා, ඔවුන් නින්දට යැවීම වෙනදාට වඩා දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. ඔවුන්ට දෙමාපියන්ගේ සැනසීම අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ දින චර්යාව පමණයි”