දරුවන්ට ජරාව කැවූ රනිල් ඊළඟට කළ යුතු කුමක්ද? කොට්ටහච්චි කියයි

ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව රජය මේ වන විට ක්‍රියාත්මක කරන පාසල්වල දරුවන්ට ආහාර ලබා දෙන වැඩසටහන සඳහා භාවිත කළ සහල් තොගයක් පිළිබඳ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ රජයට අයත් ගබඩාවක ගබඩා කරන ලද සහල් තොගය භාවිතයට නුසුදුසු බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය කළ හෙළිදරව්වක් සංගමයි.

මේ පිළිබඳ සිය සමාජ මාධ්‍ය ගිණුමක අදහස් පළ කර ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසන්නේ මේ සම්බන්ධයෙන් රටේ නායකයා වහාම සමස්ත දරු පරපුරෙන් සමාව ගත යුතු බවයි.

ඇය තැබූ සටහන මෙසේය.

අපේ රටේ දරුවෝ සෙල්ලම් බෝනික්කෝ කියලා හිතන් ඉන්න අමන පාලකයොන්ට යන්න අපායක් තියෙනවද කියලා මට සැකයි.

ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් සිසුන්ට පිස ලබා දී තිබෙන්නේ පරිභෝජනයට නුසුදුසු සහල්. සාම්පල් දහසක් පරීක්ෂා කර ලබා ගත් රස පරීක්ෂණ වාර්තා වල සඳහන් වෙන්නේ එලෙසින්.

දරුවො වෙනුවෙන් ඕනම දුෂ්කර දෙයක් කරන්න සූදානම් දෙමාපියන් වැඩිහිටියන් ඉදිරියේ මුලු රටමත්, රටේ අනාගතයමත් හෑල්ලුවට ලක් කරන්න ද අපි අපේ කැමැත්තෙන්ම මේ පාලකයන් පත් කරගත්තේ?

සියල්ල ඔප්පු වී ඇති මොහොතක අවම වශ්‍යෙන් රටේ නායකයා හෝ බලධාරීන් ජනයාගෙන් දරුවන්ගෙන් සමාවක් හෝ අයදී දැයි අපි බලා සිටිමු!

මාලිමාවේ පාලන බලයක් තුළ මේ අවනීතික සදාචාර විරෝධී නිහීන ක්‍රියා නොවන බවට වග වන්නෙමු!

ජය! 🙏

Latest News

More like this

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...