නොර්වේ තානාපතිනිය ජාතික ජන බලවේගයේ නායක අනුර හමුවේ

ඉන්දියාවේ නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී හමුවක් සිදුව තිබෙනවා.

එහිදී මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය පිළිබඳ හා රටේ දේශපාලන වාතාවරණය දෙපාර්ශ්වයේම අවධානය ලක් වූ බව සඳහන්.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඇය මෙවර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සිදු කළ ප්‍රථම හමුව මෙය බවයි සඳහන් කළේ.

නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද ඇය මෙහිදී අවධාරණය කළා.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියා.

Latest News

More like this

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...

මේ රටට ඕන දරුණු ඒකාධිපති කාරුණික පාලකයෙක්.. මම ජනපති සටනට එනවා.. සමන්ත භද්‍ර හිමි

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට නායකත්වය දීමට තමන් කැමති...

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...