විදෙස් ගත ලාංකිකයන්ට කලින්ම ටිකට් බුක් කරගෙන එන්න අනුරගෙන් ජනාධිපතිවරණ දිනය ගැන ඉඟියක්

මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 යන දිනයන්ගෙන් එක් දිනකදී පැවැත්වීමට ඉඩ ඇති බැවින් එම කාල සීමාව තුළ ලංකාවට පැමිණෙන ලෙසට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ මේවන විට නිරත වී සිටින ස්වීඩනයේ සංචාරය අතරතුර ස්ටොක්හෝම් අගනුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අමතමිනි.

ජරාජීර්ණ වූ මෙරට දේශපාලනය වෙනස් කිරීම සඳහා පළමුව දේශපාලන බලය ලබා ගත යුතු අතර බලය ලබා ගත් පසු කැත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට කටයුතු කළ බවයි ඔහු මෙහි දී ප්‍රකාශ කළේ.

ඒ සඳහා මැදිහත්කරුවන් ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙත විශාල භූමිකාවක් පවතින බව සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා බලය ලබා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ස්වීඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙගෙන් ඉල්ලා සිටියා.

“බොහෝ විට ජනාධිපතිවරණ මැතිවරණය සැප් 28 හෝ ඔක්තෝබර් 05 යන දින දෙකකින් එකකදී පැවැත්වෙන්න පුළුවන්. ජුලි අග වන විට මැතිවරණය ප්‍රකාශයට පත් වේවි. ඒ නිසා මැයි සහ ජුලි අතර කාලය ඉතාම වැදගත්. ඒ නිසා පළමුව එම කාල සීමාව තුළ ලංකාවට එන්න කියලා ආරධනා කරනවා. දෙවනුව ඔබේ ඥාතීන්ට හිතවතුන්ට මිතුරන්ට කතා කරන්න.

මෙම ක්‍රමය වෙනස් කරන්න ඕන ඇයි කියන පණිවිඩය ඔවුන් වෙත දෙන්න. ඔබ භාවිත කරන සමාජ මාධ්‍ය ඔස්සේමෙම පණිවිඩය හැකි තාක් ලබා දෙන්න. අපි මේ ක්‍රමය වෙනස් කරන අලුත් ආණ්ඩුවක් හදමු.කලින්ම දිනේ කිව්වෙ ටිකට් දැන්ම බුක් කරගන්න” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...