ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා රහසක් ලෙස තබා ගන්න නියෝගයක්

මැතිවරණ කොමිසම විසින් නියමිත කාලවකවානු අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීමටත් ඒ පිළිබඳ අදහස් පළ නොකිරීමටත් එම පක්ෂ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හෝ ආණ්ඩුව හා සම්බන්ධ අනෙක් සියලුම පක්ෂ ඊට එකඟතාවය පළ කර ඇති බව සඳහන්.

මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් 25 වැනිදා රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමේදීය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි මාසය දක්වා රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂවල සහයෝගයෙන් සිදු කිරීමට ද එකඟතාවකට පැමිණි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!