ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා රහසක් ලෙස තබා ගන්න නියෝගයක්

මැතිවරණ කොමිසම විසින් නියමිත කාලවකවානු අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීමටත් ඒ පිළිබඳ අදහස් පළ නොකිරීමටත් එම පක්ෂ එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හෝ ආණ්ඩුව හා සම්බන්ධ අනෙක් සියලුම පක්ෂ ඊට එකඟතාවය පළ කර ඇති බව සඳහන්.

මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් 25 වැනිදා රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමේදීය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි මාසය දක්වා රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂවල සහයෝගයෙන් සිදු කිරීමට ද එකඟතාවකට පැමිණි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...