ශ්‍රී ලංකාවට ඉන්දියානු ආකෘතියේ කුඩා අවි නිෂ්පාදනාගාරයක්

ශ්‍රී ලංකාව කුඩා අවි පතොරම් නිෂ්පාදන ඒකකයක් රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (15) ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) පැවති හමුවකදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ “අපි කුඩා අවි නිෂ්පාදන ඒකකයක් පිහිටුවීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින” බවයි.

“පසුගිය දශක දෙක තුළ ඉන්දියානු ආරක්ෂක නිෂ්පාදන අංශය දියුණු වී ඇති ආකාරය අප තේරුම් ගත යුතුයි. එය අප සොයා බැලිය යුතු ආකෘතියක්. ඉන්දියානු ආකෘතියෙන් අපට බොහෝ දේ ගත හැකි අතර ඔවුන්ගෙන් ඉගෙනීමේ වරදක් නැහැ. මම හිතන්නේ අපිත් නිෂ්පාදනයට පිවිසිය යුතුයි,”යැයි ඔහු පවසා සිටියා.

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් යුධ උපකරණ මිලදී ගැනීමට යන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ “අපි මේ මොහොතේ කිසිවක් මිලදී ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. සම්බන්ධතාවය ඇත්තෙන්ම හොඳයි, මිලිටරි-හමුදා සම්බන්ධතාව. ඉන්දියානු සහ ශ්‍රී ලංකා හමුදා සම්බන්ධතාවය ඉහළ මට්ටමක පවතිනවා. ඒ නිසා අපි එය පවත්වාගෙන යනවා. ඒකෙන් අපි කාගෙන්වත් දෙයක් මිල දී ගන්න යනවා කියලා අදහස් වෙන්නේ නැහැ.”

Latest News

More like this

රන්වල අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට..

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම...

ඇමරිකානු උප රාජ්‍ය ලේකම් ඇලිසන් අනුරට දෙන්න පොරොන්දු වුණු වටිනාම දේ

ශ්‍රී ලංකාව හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින අවස්ථාවේ...

මුට්ටිවලට සිනාසී.. වට්ටි උස්සන් යන නලින්ද හා කොට්ටහච්චි

මිථ්‍යා දෘෂ්ටීන් පරදා විද්‍යානුකූල පාලනයක් රටට අවශ්‍ය බව පුන...

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...