ජනාධිපතිවරණයට උතුරෙන් බස්සනන යන දිනන්න බැරි දෙමළ පොදු අපේක්ෂකයා සේවය කරන්නෙ දකුණේ තවත් අපේක්ෂකයෙක්ට

0

දෙමළ සමාජය නියෝජනය කරමින් එළැඹෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති කතා බහ පිටුපස කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

ජනාධිපතිවරණයකට යම් කිසි අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ ජයග්‍රහණය කිරීමට බවත් එසේ නොවන අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයකුට සේවය කරන්නෙකු බවයි ඔහු පවසන්නේ.

“ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් 50%ට වඩා එක ඡන්දයක් වැඩිපුර හෝ ගන්න ඕන. දෙමළ සමාජය නියෝජනය කරන එම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා කවුද කියන ප්‍රශ්ණෙ තියෙනවා. අනිත් එක මෙම සාකච්ඡාවට සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ වෙලා නැහැ. අපි විශ්වාස කරනවා අපේක්ෂකයකුට දිනන්න බැරි නම් ඒ අපේක්ෂකයා වෙනත් අපේක්ෂකයෙකුට සේවය කරන බව.

එක්තරා දේශපාලන පක්ෂකයක් නියෝජනය කරන ප්‍රකාශකයෙක් සඳහන් කළා අපි ඡන්දෙ ඉල්ලන්නෙ දිනන්න නෙවෙයි මතවාදය තහවුරු කරන්න කියලා.ඡන්දයක දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ගේන්නෙ. එහෙම නැතුව මතවාදයක් දිනන්න ඡන්දෙ ඉල්ලනව කියන්නෙ විශ්වාස කරන්න බැරි කාරණාවක්. කෙටියෙන්ම කියනව නම් ඒ පිටුපස වෙන කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්.”

දකුණ නියෝජනය කරන දේශපාලන නායකත්වය ඉතිහාසය පුරා උතුරට බොරු විකුණු බවත් දකුණට එකක් උතුරට එකක් නැගෙනහිරට තවත් එකක් වශයෙන් මතවාද පැතිරූ අය බැවින් දෙමළ සමාජයේ ඔවුන් පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඒ මහතා පැවසුවා.

මේ රටේ ජාතික ප්‍රශ්ණයට එකම විසඳුම ලබා දිය හැක්කේ ජාතික සමගිය හරහා පමණක් වන අතර එම විසඳුම මාළිමාව පමණක්ම බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.