ජනාධිපති අපේක්ෂකයින් 36ක් දක්වා නගී

2024 සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සමබිම පක්‍ෂයේ නාමල් රාජපක්‍ෂ ඇතුළු තවත් අපේක්‍ෂකයින් 04 දෙනෙකු ඊයේ (13) දිනයේ දී ඇප මුදල් තැන්පත් කළ අතර ඒ සමඟ මුළු අපේක්ෂක සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිසමට අනුව ඊයේ ඇප මුදල් තැන්පත් කර ඇත්තේ දිලිත් ජයවීර, නුවන් බෝපගේ, නාමල් රාජපක්ෂ සහ චමින්ද අනුරුද්ධ යන අපේක්ෂකයින්ය.

මේ වන විට ඇප තැන්පත් කර ඇති අනෙකුත් ප්‍රමුඛ අපේක්ෂකයන් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ය.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...