වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාව නොසන්සුන්

ඉන්දියාවේ කොල්කටා නගරයේ පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමට එරෙහිව වෛද්‍යවරුන් ආරම්භ කළ විරෝධතාවක් රට පුරා පැතිර යාමෙන් පසු රෝහල් සේවා අඩාල වූ බව වාර්තා වුණා.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ අගනුවර වන කොල්කටාහි සහ ප්‍රාන්තයේ අනෙකුත් නගරවල සඳුදා වෛද්‍යවරු දහස් ගනනක් පා ගමනකට එක්ව සිටියා.

ඒ වින්දිත වෛද්‍යවරියට යුක්තිය ඉටු කර දෙන ලෙස පවසමින්.

රජය විසින් පවත්වාගෙන යනු ලබන රෝහලක සිදු වූ ඝාතනය හෙලා දකිමින් වෛද්‍යවරු සියලුම රෝහල්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියගේ සිරුර පසු ගිය සිකුරාදා සොයා ගැණුනේ කොල්කටා හි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සම්න්ත්‍රණ ශාලාවක් තුළදීය.

මරණ පරීක්ෂණයෙන් පෙනී ගියේ ඇය මරා දැමීමට පෙර දූෂණය කර ඇති බවයි.

ඇයට දැඩි වධ හිංසා පමුණුවමින් එම ඝාතනය සිදු කර තිබුණු අතර ඇගේ ලිංගික අවයවවලට බරපතල හානි කර තිබු බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.

පසුව අපරාධය සම්බන්ධයෙන් පොලිස් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු බහු විවාහක සහ අධික ලෙස කාමුක දර්ශන නැරඹීමට අබ්බැහි වූ තැනැත්තෙකු බව අනාවරණය වී තිබුණා.

කොල්කටා, ලක්නව්, චන්දිගර් සහ නව දිල්ලි නගරවල විරෝධතා ක්‍රියාත්මකයි.

විරෝධතාකරුවන් අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යංශයට භාරදිය යුතු බවට ද ඉල්ලීම් කර තිබෙනවා.

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...