සජිත්ගේ දැක්ම ඉතා හොඳයි.. ඉන්දියාව ලිබරල් ආර්ථිකයට හැරවූ ආර්ථික විද්‍යාඥයෙකුගෙන් සහතිකයක්

ව්‍යාපාරික ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ ව්‍යවසායකයින්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාව සඳහා ඉන්දියාවේ ලිබරල් ආර්ථිකයේ නිර්මාතෘ ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ආර්ථික විශ්ලේෂකයකු වන මොන්ටේක් සිං මහතා  එම අවස්ථාවට සහභාගී වූ අතර ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථික දැක්ම ඉතා නිවැරදි බවට ප්‍රකාශයක් සිදු කළා.

සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම ඉතා නිවැරදි දැක්මක්. නව ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීම මගේ විශ්වාසය අනුව අසීරු කටයුත්තක් නෙවෙයි. ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට හතක් හෝ සියයට අටකට අඩු ප්‍රමාණයක පවත්වාගෙන යද්දී සියයට තුනකට වගේ ශ්‍රී ලංකාව වගේ රටකට පිය නැගීම අසීරු දෙයක් නෙවෙයි. ප්‍රතිසංස්කරණය තුළින් ආර්ථිකය විවෘත කිරීම අසීරු තත්ත්වයක් වගේම මතභේදාත්මක තත්ත්වයක්. ඔබේ වර්ධන වේගය සියයට 2.5 ක් 3ක අගයක පවත්වා ගෙන යාමේ දී එය සියට හෝ 7 ක් හෝ8 ක් ලෙස පවත්වා ගෙන යා හැකි පරිදි ප්‍රතිපත්ති හඳුන්වා දුන්විට අප වර්තමානයේ සිදු කරන එක් ක්‍රියාකාරකමක් මඟින් වේගවත් ආර්ථිකයක් ළඟා කර ගත හැකියි.”

මේ සඳහා ප්‍රධාන කථිකයකු ලෙස සහභාගී වූ සජිත් ප්‍රේමදාස මහතා අන්ත සමාජවාදී මූලධර්මයන් බැහැර කරමින් ධනවාදයේ මානුෂික ගුණාංග මුසුකරගෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ආදායම සමසේ බෙදා යන සාධාරණ අලුත් මාවතකට ප්‍රවේශ විය යුතු බව ප්‍රකාශ කර සිටියා.

“අපේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් වන්නේ ස්ථිරසාර ඉහළ වර්ධනයක් පවත්වාගෙන යාමයි. අපිට අවශ්‍ය අවම උද්ධමනයක් අවම පොලී ප්‍රතිශතයක් ස්ථීර විනය හුවමාරු අගයක්, සර්ව ආර්ථිකයක් පවත්වා ගෙන යාමයි. ඒ වගේම ආදායම ප්‍රාථමික ශේෂ ඉලක්ක පවත්වා ගෙන යාම සහ විදෙස් සංචිත වැඩි කර ගැනීම අපේක්ෂිතයි. ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය එකඟ වී ඇති සැලසුමට අනුව කේන්ද්‍රීය 2029 වන විට ආර්ථික වර්ධන වේගය 3.1 කට ළඟා වීමයි. අපිට මේ අර්බුදයෙන් ගැලවීමට මෙවැනි උදාසීන වූ ආර්ථික වර්ධන වේගයකින් හැකියාවක් නැහැ. ඒ නිසයි අපේ ජාත්‍යන්තර මූල්‍ය සාකච්ඡා කර වත්මන් ගිවිසුම සන්ශෝධනය කිරීම අවශ්‍ය වන්නේ.

අපේ ආර්ථිකය අපනයනයේ ආනයනය වගේම ජාත්‍යන්තර වශයෙන් තරඟ කළ හැකි වෙළඳපළ ආර්ථිකයක් වෙනුවෙන්. සියලු දෙනා අතර බෙදී යන ආකාරයේ වර්ධනයක් වන බවට අප සහතික විය යුතුයි. වෙළඳාම ආයෝජනය රාජ්‍යාංශයේ ආයතන පුරා විහිදී යන ප්‍රතිසංස්කරණ සිදු කීරිමට අවශ්‍යයි. 

අපේ කණ්ඩායම ආර්ථික ව්‍යසනයකට අගාධයකට ලක්වුණු අපේ මාතෘ භූමිය ගොඩ ගත හැකි දැනුම කුසලතාවය නිපුණතාව ඇති හොඳම කණ්ඩායමයි. 

මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් මුසු කරගෙන රටක් හැටියට ආර්ථික වර්ධනයක් වර්ධනය හරහා අපනයන  ආර්ථික වර්ධනයක් තුළ තුළින් අපේ රට සෞභාග්‍ය සම්පන්න රටක්  ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබන රටක් සමාජ අසාධාරණත්යෙන් තොරව සමාජ සමානාත්මතාවය තහවුරු කරන ආකාරයට ආර්ථික වර්ධනය කර ගත යුතුයි. “

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!