නව වැනි විධායක ජනාධිපති අනුර…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තේරී පත්ව තිබෙනවා.

ඒ මෙරට දේශපාලන ඉතිහාසය තුළ මාක්ස්වාදී සහ සමාජවාදී නැඹුරුවක් ඇති පක්ෂයක අභාෂය ලැබූ නායකයකු විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පළමු අවස්ථාව ලෙස සනිටුහන් කරමිනි.

මීට සුළු මොහොතකට පෙර ඒ පිළිබඳ නිල නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ පැවති ජනාධිපතිවරණයේදී 50% ක ඡන්ද ප්‍රතිශතයක් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම ලබා නොගත් බැවින් ඉතිහාසයේ ප්‍රථම වරට දෙවන මනාපය ගණන් කර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට මෙවර ජනාධිපතිවරණයේ දී සිදු වූ බවයි.

2024 ජනාධිපතිවරණයේ ගණන් කිරීමේ පළමු වටය අවසානයේ දිස්ත්‍රික්ක 22 න් 15 ක් ජයග්‍රහණය කිරීමට අනුර කුමාර දිසානායක සමත් වුණා.පළමු වටයේ ගණනයේ දී ඔහු සමස්ත ඡන්ද 5,634,915 කි.

මේ අතර ඔහුට හොඳ අභියෝගයක් දෙමින් සජිත් ප්‍රේමදාස නුවරඑළිය, බදුල්ල, දිගාමඩුල්ල, මඩකලපුව, ත්‍රිකුණාමලය, වන්නි සහ යාපනය යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළා.ඔහු පළමු වටයේ දී 4,363,035 ක්.

දෙවැනි මනාප ගණනයේ දී සජිත් ප්‍රේමදාස මහතා 151,691 කි.අනුර දිසානායක මහතාට දෙවැනි මනාප ගණනයේ දී ලැබුණේ 94,110 ක මනාප සංඛ්‍යාවකි.

මෙම සමස්ත ප්‍රතිඵලය අනුව මුළු ඡන්ද 5,729,025 ක් ලබාගෙන ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ධුරයට පත් වන්නේ අනුර කුමාර දිසානායක මහතාය.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 4,514,726 කි.

අනුර කුමාර දිසානායක උපත ලැබුවේ 1968 නොවැම්බර් 24 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කය තඹුත්තේගම නම් ගම්මානයේය. ඔහුගේ පියා කම්කරුවෙක් වූ අතර මව ගෘහණියකි.

 ඔහු සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබුවේ තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙනි.(තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය)

අපොස උසස් පෙළ විභාගය සඳහා ඔහු තඹුත්තේගම් මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරු ඔහු 1992 වසරේ දී භෞතික විද්‍යා උපාධිය සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන්  විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පළමු පුද්ගලයා ලෙසයි.

ඔහු භෞතික විද්‍යාව හදාරා 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය හිමි කර ගත්තා.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වූයේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍යයකකුව සිටිය දී.

 1987-1989 ජවිපෙ කැරැල්ලේදී සම්පූර්ණයෙන්ම දේශපාලනයේ නිරත වූ අතර එකළ ඔහු ජීවත් වූ ප්‍රදේශයේ එම ව්‍යාපාරයට සම්බන්ධ වූ සමීපතමයින් සහෝදරයා හා මිතුරන් ආණ්ඩුවේ මර්දන ව්‍යාපාරය තුළ ඔහුට අහිමි වී තිබුණා.

අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ ප්‍රධාන චරිතයක් බවට පත්වෙමින් එම පක්‍ෂයේ ජාතික තලයට පැමිණියේ අතිශය කටුක මාර්ගයක් ඔස්සේය.

1995 දී ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස පත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සම්බන්ධ වුණා.

1998 වන විට ඔහු ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ප්‍රමුඛ සාමාජිකයෙකි.

 මෙම කාලය තුළ සෝමවංශ අමරසිංහ යටතේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට නැවත ප්‍රවේශ වූ අතර චන්ද්‍රිකා කුමාරණතුංග රජයට සහය දුන් නමුත් කෙටිකලකින්ම ඇගේ පරිපාලනයේ ප්‍රධාන විවේචකයින් බවට පත්වුණා.

2004 දී ඔහු, චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපතිවරියගේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කෘෂිකර්මය, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ භාරව කටයුතු කළා.

කෙසේ වෙතත්, 2005 දී සුනාමි සහන සම්බන්ධීකරණය සඳහා රජය සහ එල්ටීටීඊය අතර ඒකාබද්ධ ගිවිසුමකට විරෝධය පළ කරමින් ඔහු ඇතුළු ජවිපෙ ඇමතිවරුන් එම අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වුණා.

අනුර කුමාර දිසානායක 2014 වසරේ දී සෝමවංශ අමරසිංහගෙන් පසු ජවිපෙ නායකයා බවට පත් වූ අතර 2019 දී ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ සියයට 3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයට පත් වෙමිනි.

එම අවස්ථාවේ දරුණු පරාජයක් හිමි වූ අනුර 2022 වසර වන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල හිස ඔස වූයේ ෆීනික්ස් කුරුල්ලෙකු පරිද්දෙනි.

ජාතික ජන බලවේගය (NPP) යටතේ 2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකත්වය නිවේදනය කළේ කැපීපෙනෙන ප්‍රචාරණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් මුළුමනින්ම තරගයේ වාසිය ඔහු වෙත නතු කර ගනිමිනි.

ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ඔහු ඉදිරිපත් කළ අදහස් ආන්දෝලනාත්මක වුණා.

විශේෂයෙන් IMF කොන්දේසි පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්ති හා උපයන විට බද්ද (Paye Tax) වැනි බදු අඩු කිරීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මත වැට් බද්ද ඉවත් කිරීම ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයින්ගේ දැඩි විවේචනවලට හේතුවුණා.

 කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිපත්ති ඉලක්කගත බදු ප්‍රතිසංස්කරණ හරහා සමාජ සුබසාධනය වැඩි කිරීම සහ ව්‍යාපාරවලට සහාය වීම කෙරෙහි අවධානය යොමු කළ අපනයන මූලික ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ඊළඟ වසර පහක තුළ මෙරට ප්‍රතිපත්ති කර ගැනීමට ශ්‍රී ලාංකික බහුතර කැමැත්ත හිමි වී තිබෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!