ඉරාන ඊශ්‍රායල යුධ ගැටුම් සැරටම ඇවිලෙද්දී මැදපෙරදිග තෙල් වෙළඳපොළ ගිනි ගනී..

ලෙබනනයේ හා ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඉරානය ඊයේ (01) ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු තෙල් මිල 3% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පසු ගිය දා ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළේ හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා ඉලක්ක කරමිනි.

එම ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන් කාමීන්ගේ වසර 30 කට අධික නායකයා වූ නසරල්ලා ජීවිතක්ෂයට පත් වූ අතර ඊශ්‍රායලයට එරෙහි සටන්කාමීන් වෙත සහයෝගය දක්වන ඉරානය පළියට පළිය ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ බැලස්ටික් මිසයිල  200ක් පමණ ඊශ්‍රායලය වෙත එල්ල කරනු ලැබුවා.

මේ අනුව බොරතෙල් මිල දෙවැනි දිනටත් අඛණ්ඩව ඉහළ යාම සිදු වුණා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සමඟ කලාපයේ බොර තෙල් සැපයීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉරාන ප්‍රහාරයෙන් පසු අඟහරුවාදා වනවිට තෙල් මිල 5% ට වඩා ඉහළ යාමෙන් පසු ගෝලීය බැරලයක මිල ඩොලර් 74 ට වඩා ඉහළ ගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලය, ඉරානයට සෘජුවම පහර දීම සඳහා සිය මිලිටරි ප්‍රහාර පුළුල් කිරීමට පසුබට නොවනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඔවුන්ගේ ඉලක්ක ලැයිස්තුවේ ඉහළින්ම ඉරානයේ තෙල් වත්කම්, ඉන්ධන බලාගාර, න්‍යෂ්ටික බලාගාර මෙන්ම පිරිපහදු මධ්‍යස්ථාන ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ මර්මස්ථාන ඇතුළත්ය.

එමෙන්ම යුද්ධය නරක අතට හැරීමක් හෝ උග්‍ර වීමක් සිදුවුවහොත් ඉරානය යටතේ ක්‍රියාත්මකවන ප්‍රොක්සිවරුන්, හූති කැරලිකරුවන් සහ ඉරාක පැරාමිලිටරිවරුන් මැදපෙරදිග තෙල් නිෂ්පාදකයින්ට එනම් සෞදි අරාබියට ප්‍රහාර දියත් කළ හැකිය.

එවැනි ප්‍රහාරයක් සිදුවුවහොත් බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකිය. 

ඉරානය සහ ලිබියාව ඔපෙක් සංවිධානයේ සාමාජිකයෝය. ඉරානය සහ ලිබියාව ඔපෙක් (OPEC) සංවිධානයේ සාමාජිකයෝය. ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන ඔපෙක් අනුව ඉරානය ගෝලීය වශයෙන් ඉහළම තෙල් නිෂ්පාදකයින් 10 අතර සිටියි.

එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයේ දත්තවලට අනුව එක්සත් ජනපද සම්බාධක යටතේ ක්‍රියාත්මක වන ඉරානය 2023 දී දිනකට ඉන්ධන මිලියන 4.0 ක් පමණ නිෂ්පාදනය අතර ලිබියාව පසුගිය වසරේ දී දිනකට ඉන්ධන මිලියන 1.3ක් පමණ නිෂ්පාදනය කර තිබෙනවා.

මීට අමතරව, ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන මිලිටරි ගැටුම ඉරාන තෙල් අපනයනය සඳහා එක්සත් ජනපද සම්බාධක නැවත ස්ථාපිත කිරීමට තුඩු දිය හැකි අතර තෙල් මිල තවදුරටත් ඉහළ යාමට එය බලපෑම් කරනු ඇති.

මේ අනුව ඉරානය සහ ඉරාකය අතර ඇවිළ යන සටන් ගෝලීය තෙල් සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට දැන් සැබෑ බියක් මතුව පවතී.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!