චීනය ඇමරිකාව සඳහා තීරුබදු 84%දක්වා ඉහළ දමයි

ඇමරිකා එක්සත් ජනපදය, චීන භාණ්ඩ සඳහා 100% ඉක්මවූ තීරුබදු පැනවීමක් සිදු කිරීමත් සමඟ ඊට ප්‍රතිවිරෝධය පළ කරමින් චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා බ්‍රහස්පතින්දා (අප්‍රේල් 10) සිට 84% තීරුබදු පැනවීමක් සිදු කර තියෙනවා.

ඇමරිකාව ඔවුන්ගේ අන්‍යොන්‍ය බදු ප්‍රතිපත්තිය යටතේ චීනයට 34% ක තීරු බදු පැනවූ අතර ඊට ප්‍රතිචාර ලෙස චීනයද ඇමරිකාවට 34% ක බදු පැනවීමක් සිදු කරනු ලැබුවා.

එයින් කෝපයට පත් ඇමරිකාව අද සිට ක්‍රියාත්මක වන පරිදි චීනයට 104% ක තීරු බදු පැනවීමක් සිදු කළා.

චීනය කලින් ප්‍රකාශයට පත් කළ 34% සිට තීරු බදු 84%ක් ලෙස සංශෝධනය කරනු ලැබුවේ ඇමරිකාවේ එම ක්‍රියාව හෙළා දකිමින්ය.

එරට මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත්තේ අප්‍රේල් 10 වන දින සිට එක්සත් ජනපද භාණ්ඩ සඳහා අමතර තීරුබදු පනවන බවයි.

එමෙන්ම චීන අපනයන පාලන ලැයිස්තුවට එක්සත් ජනපද ආයතන 12 ක් සහ ‘විශ්වාස කළ නොහැකි ආයතන’ ලැයිස්තුවට එක්සත් ජනපද ආයතන 6 ක් එකතු කළ බව චීනයේ වාණිජ අමාත්‍යාංශය සඳහන් කර තියෙනවා.

අපනයන පාලන ලැයිස්තුවට එකතු කරන ලද සමාගම් අතර ඇමරිකානු ෆොටෝනික්ස් සහ නොවොටෙක් ද ඇතුළත් වෙනවා. මෙම සමාගම්වලට ද්විත්ව භාවිත අයිතම අපනයනය කිරීම තහනම් කෙරෙනු ඇති.

Shield AI සහ Sierra Nevada Corporation ඇතුළුව විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට එකතු කරන ලද සමාගම්වලට චීනය ආශ්‍රිත ආනයන හා අපනයන කටයුතු සහ චීනයේ ආයෝජනය කිරීම තහනම් කිරීම සිදු වෙනවා.

ට්‍රම්ප්ගේ ආනයන බදු අතරට ඇමරිකා එක්සත් ජනපදයට කරන සියලුම විදේශීය ආනයන සඳහා 10% ක මූලික තීරුබදු සහ රටවල් කිහිපයකට ඉහළ තීරුබදු ඇතුළත්ය.

ඒ අතර ශ්‍රී ලංකාව (44%), කාම්බෝජය (49%), වියට්නාමය (46%) සහ තායිලන්තය (36%), ශක්තිමත් අපනයන වලින් ප්‍රතිලාභ ලබන සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ඇතුළත් වුණා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...