ඇමරිකාව මැද පෙරදිගින් සිය කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමට යයි

ඉරානය සමඟ න්‍යෂ්ටික සාකච්ඡා අඩාල වීම හා කලාපීය ගැටුමක් පිළිබඳ බිය වර්ධනය වීමත් සමඟ මැද පෙරදිග කලාපයෙන් ඇමරිකානු කාර්ය මණ්ඩල ඉවත් කර ගැනීමට එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙනවා.

ඉරානය සමඟ ඇති වී තිබෙන ආතතීන් මධ්‍යයේ මැද පෙරදිග “භයානක ස්ථානයක් විය හැකි” බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.

“එය භයානක ස්ථානයක් විය හැකි බැවින් අපි ඔවුන්ව ඉවත් කරනවා” ට්‍රම්ප් මාධ්‍ය අමතමින් සඳහන් කරනු ලැබුවා. කෙසේ වෙතත් ටෙහෙරානයේ න්‍යෂ්ඨික අවි තිබිය නොහැකි බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

2018 දී ට්‍රම්ප් ඔහුගේ පළමු ධුර කාලය තුළ ඉවත දැමූ 2015 ගිවිසුම වෙනුවට න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා කටයුතු කළ අතර ඒ සඳහා අප්‍රේල් මාසයේ සිට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා වට පහක් පැවැත්වුණා. ඉදිරි දිනවලදී දෙපාර්ශ්වයම නැවත සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබුණා.

නමුත් මැද පෙරදිග කලාපයෙන් ඇමරිකානු නිලධාරීන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් ගෙන ඇති මෙම තීරණයෙන් පෙන්නුම් කරන්නේ එම සාකඡාවල ප්‍රගතිය අඩාල වී ඇති බවයි.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය අසාර්ථක වුවහොත් හමුදා ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවටද ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...