ඇමරිකානු පක්ෂය පිහිටවූ මස්ක්ට ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා විය හැකිද?

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන සන්ධිස්ථානයක් බවට පත් වෙමින් ලොව ධනවත්ම මිනිසා වන ඊලොන් මසක් ඔහුගේ නව දේශපාලන පක්ෂය ප්‍රකාශයට පත් කළේ පසුගිය සෙනසුරාදා දිනයේය.

ඔහු සිය නව දේශපාලන පක්ෂය නම් කරන්නේ ‘ඇමරිකානු පක්ෂය’ නමිනි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම දේශපාලන මිතුරකු බවට පත්ව සිටි මස්ක් මෙම දේශපාලන පක්ෂය පිහිටුවීමට ප්‍රධානම හේතුව වූයේ ට්‍රම්ප් සමඟ ඇති වූ මතභේදයකි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ‘ බිග් බියුටිෆුල් පනත’ එරට කොංග්‍රස් මණ්ඩලය හරහා සම්මත වුවහොත් නව පක්ෂයක් පිහිටුවන බවට මස්ක් මීට පෙර අනතුරු ඇඟවීමක් කර තිබුණා.

සිය පක්ෂය පිහිටුවමින් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය ජාලය වන X ඔස්සේ ප්‍රකාශ කළේ ඇමරිකානු පක්ෂය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ ඇමරිකානුවන්ට නැවත නිදහස උදා කර දීම බවයි.

2028 දී මස්ක්ට ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකිද?

නව දේශපාලන පක්ෂය නිවේදනය කිරීමෙන් පසුව, ටෙස්ලා ප්‍රධාන විධායක මස්ක්, 2028 දී ඇමරිකානු රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම තනතුර සඳහා තරඟ කරයිද යන්න පිළිබඳව ප්‍රබල කතා බහක් නිර්මාණය වුණා.

කෙසේ වෙතත් විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි එක්සත් ජනපද ව්‍යවස්ථාමය නීතිය අනුව මස්ක් ඉහළම තනතුර සඳහා තරඟ කිරීමට නුසුදුස්සෙකි.

එයට හේතුව ඔහු ඇමරිකාවේ උපත ලද්දකු නොවීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපති අපේක්ෂකයින් එක්සත් ජනපදයේ ස්වභාවිකව උපන් පුරවැසියෙකු විය යුතු අතර, එම අවශ්‍යතාවය මස්ක් සපුරාලන්නේ නැහැ.

පසුගිය වසරේ, ඔහු තම නුසුදුසුකම විවෘතව පිළිගෙන තිබුණේ මෙසේය.

“මගේ අප්‍රිකානු උපත නිසා මට ජනාධිපති විය නොහැකියි.”

ඔහු ඒ අවස්ථාවේ දී වැඩිදුරටත් කියා සිටියේ, “මගේ සීයා ඇමරිකානුවෙක්, නමුත් මම ඉපදුණේ අප්‍රිකාවේ, ඒ නිසා මට ජනාධිපති විය නොහැකියි” යනුවෙනි.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!