“ශෘංගාර” කියන්නේ සඟරාවක්ද… නැත්නම් නව චින්තන විප්ලවයක්ද?

(Lakvahini Gossip) – ඔන්න අද අපේ Gossip කතාබහ ඇතුළේ වෙනස්ම විදියේ Hot නිවුස් එකක් තියෙනවා. හැමෝම S-ex කියල වරද්දගන්න, ඒත් ඇත්තටම ඊට වඩා හාත්පසින්ම වෙනස් ‘ශෘංගාරය’ ගැන ලංකාවේ පළවෙන අලුත්ම මුද්‍රිත සඟරාව, ඒ කියන්නේ ‘ශෘංගාර’ සඟරාව හෙට (ජූනි 09) එළියට එනවා!”

“කාගේද මේ වැඩේ? වෙන කවුරුත් නෙවෙයි, හැමදාම වෙනස් දේවල් කරන ප්‍රවීණ ලේඛක චින්තන ධර්මදාස එක්ක ‘රැඩිකල් මැද සාමූහිකය’ එකතුවෙලා තමයි මේක කරන්නේ.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් එකේ තත්පර ගාණෙන් ‘ක්ෂණික තෘප්තිය’ හොයන අයට මේක හොඳ කම්පනයක් වෙයි. මොකද මේ කට්ටිය කියන්නේ, ආශාවේ සැබෑ සෞන්දර්යය තියෙන්නේ ‘ඉවසීම සහ පරිකල්පනය’ ඇතුළේ කියලා. ප්‍රංශ දාර්ශනික රෝලන්ඩ් බාත්ගේ අදහස් එක්ක ශෘංගාරය කියන්නේ හුදු කායික දෙයක් නෙවෙයි, ඒක ‘ජීවත් වීමේ කලාවක්’ කියලා තමයි මේ සඟරාවෙන් පෙන්නලා දෙන්නේ! 🧠✨”

“හැබැයි සංස්කාරක මණ්ඩලයෙන් පොඩි Warning එකකුත් දීලා තියෙනවා! 🛑

‘මේක බස් එකේ, කෝච්චියේ යද්දී නිකන් සැහැල්ලුවෙන් කියවන්න පුළුවන් එකක් නෙවෙයි. මේකට ඔයාගේ පූර්ණ අවධානය සහ නිදහස් කාලය අනිවාර්යයෙන්ම ඕනේ!’

වැඩේ තවත් පට්ට වෙන්නේ මේකේ Photography කරලා තියෙන්නේ මීෂා ගුණවර්ධන, පිටු සැලසුම චන්දන ප්‍රසන්නගෙන්. මුද්‍රණය Neo Graphics ආයතනයෙන්.”

“හැබැයි ඉතින් ගන්න ඉන්න අයට පොඩි බැඩ් නිවුස් එකක් තියෙනවා. මේක හැමෝටම ගන්න බැහැ, නිකුත් කරන්නේ Limited Edition (සීමිත පිටපත්) විතරයි! හැබැයි ඉස්සරහට ඩිජිටල් සංස්කරණයකුත් එන්න නියමිතයිලු.

ඒත් මුද්‍රිත පිටපත අතින් අල්ලලා බලන එකේ සනීපය වෙනස්ම එකක් නේද? ඉතින් ඔයාලත් ‘ශෘංගාරය’ අත්විඳින්න ආසයිනම්, දැන්ම Pre-order (පූර්ව ඇණවුම්) කරලා ඔයාගේ පිටපත වෙන් කරගන්න!

ඔයාලා මොකද හිතන්නේ මේ චින්තන විප්ලවය ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ Hot Topic එකකින් හමුවෙමු, බායි! 👋❤️”

Latest News

error: Content is protected !!