මේක නම් පිස්සුවක් බං! හිමාලි සයුරංගිගෙන් 500%ක සුපිරිම රංගනයක්!

(Lakvahini Now Showing) – ඔන්න කාලෙකට පස්සේ ලංකාවේ ටෙලි ප්‍රේක්ෂකයෝ හැමෝම එක හුස්මට බලන, ඇස්වලට කඳුළු උනන සුපිරිම වැඩක් සෙට් වෙලා තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ ආදරණීය හිමාලි සයුරංගි!

රොෂාන් රවීන්ද්‍රගේ ‘නටත් අයෙක් සුරා මතින්’ ටෙලිනාට්‍යයේ ඇය රඟපාන ‘නන්දි’ ගේ චරිතය දැන් මුළු රටේම කාන්තාවන්ගේ, ගෘහණියන්ගේ ඇත්තම වේදනාව කරළියට ගෙනත් ඉවරයි.

මෙන්න මේ සිරාම රංගනය ගැන හිමාලි අපිට කියපු කතාව:

“හිතුවාටත් වඩා ප්‍රතිචාර… මට මාරම සතුටුයි!”
“ඇත්තටම නන්දි කියන්නේ මගේ හදවතටම දැනුණු චරිතයක්. ප්‍රේක්ෂකයෝ මේක මේ තරම් වැලඳගනියි කියලා මම හිතුවේ නැහැ. හැමෝටම ගොඩක් ස්තුතියි!”

“සීයට පන්සීයක් මහන්සි වුණා…!”
“ලංකාවේ දැන් ලොකේෂන්, ස්ක්‍රිප්ට්, කෑම බීම ප්‍රශ්න නැතුව පිළිවෙළකට වැඩක් කෙරෙන්නේ හරිම අඩුවෙන්. හැබැයි රොෂාන්ගේ මේ වැඩේ සුපිරිම ප්ලෑනක් තිබුණා. ඒ නිසාම මම මගේ උපරිමය, ඒ කියන්නේ 500%ක්ම මහන්සි වෙලා මේ චරිතය කළා. ඒක මගේ ඇඟටම කාවැදුණා.”

ඩිරෙක්ටර් එක්ක රඟපෑම ලේසි වුණේ නැහැ?
“රොෂාන් රවීන්ද්‍ර තමයි නාට්‍යයේ මගේ හස්බන්ඩ්ට රඟපාන්නේ. එයා ඩිරෙක්ට් කරන ගමන් මාවත් හැදුවා. රොෂාන් කියන්නේ රංගනයට වගේම අධ්‍යක්ෂණයටත් අපිට ඉන්න සුපිරිම සම්පතක්!”

හිමාලි සයුරංගි මේ දවස්වල ටෙලි ලෝකයේ “most talked about performance” එක ලබාගෙන ඉවරයි! 🔥📺

Lakvahini අපෙන් හිමාලිට: වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා කියන එක හිමාලි මේ සැරේ ප්‍රායෝගිකවම ඔප්පු කරලා තියෙනවා. නන්දිගේ චරිතයට අපෙන් සුපිරිම සුබපැතුම්!

Latest News

error: Content is protected !!