මව හා දියණිය ටිපර් මාරයාට ගොදුරු වෙති

අනුරාධපුර ජයන්ති මාවතේ කදිරේෂන් කෝවිල ඉදිරිපිටදී ඊයේ (21) දහවල් සිදු වූ රිය අනතුරකින් ස්කූටරයක ගමන් කළ මව සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කඩ 30 දෙස සිට ජයන්ති වට රවුම දෙසට ගමන් කළ ටිපර් රථය, එම දිශාවටම ගමන් කළ ස්කූටරයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සමගි මාවත, යාය 14 කොලනිය, කලා ඔය පදිංචි ඩබ්ලිව්. පී. සශිකා දුලානි වීරසිංහ (36) සහ කේ. තිසනි ප‍්‍රියංසා නමැති 8 හැවිරිදි ඇගේ දියණියයි.

මේ සම්බන්ධව මැදවච්චිය, කැලෑගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...