ඉන්දියාවේ නිල නාමය “භාරත්” වෙයි

සැප්තැම්බර් 18 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයේදී ඉන්දියාව ‘භාරත්’ ලෙස නම් කිරීමේ යෝජනාවක් රජය විසින් ගෙන ඒමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට රට හඳුන්වන ‘ඉන්දියාව’ ‘භාරත්” ලෙස සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවල දැක්වෙනවා.

ඉන්දියාව සභාපතිත්වය දරන මෙවර G 20 නිමිත්තෙන් සැප්තැම්බර් 9 වෙනි දා රාෂ්ට්‍රපති භවන්හි පැවැත්වෙන භෝජන සංග්‍රහයට සුපුරුදු ඉන්දියාවේ ජනාධිපති වෙනුවට “භාරතයේ ජනාධිපති” යන නාමයෙන් ආරාධනා පත්‍ර යැවීම ද මෙම පියවරේම කොටසක් යැයි මාධ්‍ය වාර්තා පවසනවා.

Rasthriya Swayamseva Sangh (RSS) ප්‍රධානී මොහාන් භගවත් වැනි ප්‍රමුඛ පුද්ගලයන් මෙම වෙනස සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

“ඉන්දියාව” වෙනුවට “භාරත්” යන පදය භාවිත කරන ලෙස භගවත් මීට පෙර ජනතාවගෙන් ඉල්ලා සිටි අතර රට සියවස් ගණනාවක් තිස්සේ භාරත් ලෙස හැඳින්වූ බව ඔහු අවධාරණය කර තිබුණා.

අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ හා සමාන අදහස් පළ කරනු ලැබූ අතර ජනාධිපතිවරයා, උප ජනාධිපති සහ අගමැති යන අය රැගෙන යෑමට භාවිත කරන විශේෂ ගුවන් යානයේ “භාරත්” යන නම සටහන් කර තිබීම ද විශේෂත්වයක්.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!