චීන නෞකාවට පර්යේෂණ කිරීමට අවසර ලබා දීම පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් තවමත් ලැබී නැහැ – විදේශ අමාත්‍යාංශය

“Shi Yang 6” චීන නෞකාවට ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසියම් පර්යේෂණයක් සිදු කිරීම සඳහා අවසර ලබා දීම පිළිබඳව තීරණය කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, රුහුණු විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නියෝජිතයින් සඳහා පර්යේෂණ යාත්‍රාව පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ (26) පැවැත්විණි.

නෞකාවේ පර්යේෂණ හැකියාවන් සහ එහි පහසුකම් පිළිබඳව මෙහි දී නියෝජිතයින් දැනුම්වත් කර ඇත. දැනට එම යාත්‍රාවට ඉන්ධන පිරවීම සහ ආහාර සැපයුම් වැනි අනෙකුත් අවශ්‍යතා සඳහා පමණක් අනුමැතිය ලබා දී ඇති බව සඳහන් විය.

විදේශ අමාත්‍යාංශ මූලාශ්‍රයක් පැවසුවේ, ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ කිසියම් පර්යේෂණයක් සඳහා අවසර ලබා දීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අපේක්ෂාවෙන් සිටින බවයි.

මුහුදු පත්ල හැර ජල තීරුවේ ඕනෑම පර්යේෂණයකට ශ්‍රී ලංකාව ස්ථිරවම ඉඩ දෙන බව ද සඳහන් කර තිබේ.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...